(ඩිල්ශානි චතුරිකා දාබරේ)
රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකට අනුව, ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.
අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇතැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන බවද, මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවද ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට ඇතැම් ආයතන කටයුතු කර ඇති බවද ඒ මහතා පවසයි.
ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතුකිරීම හේතුවෙන් මෙ තත්වය උදා වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


COMMENTS
ලංකාවේ ප්‍රශ්නෙ තියෙන්නේ ෆයිබර් සබඳතාවන් ප්‍රමාණය අඩුකම හා ෆයිබර් සඳහා ටෙලිකොම් සමාගම අය කරන අධික මිල ගණන්. රැහැන් රහිත සබඳතා හරහා මේ තියන දත්ත අවශ්‍යතාව සපුරන්න බෑ. ඒ සඳහා ජනතාව වැඩියෙන් ෆයිබර් (FTTH) සදහා යොමු විය යුතුයි.
ලෝකයේ හැම රටකම නැති, ලංකාවේ විතරක් තියෙන දේ.
හැම පැත්තෙන්ම පහළට යනවා අපි. වෙන රටක ඉන්නකොට තමයි ලංකාවේ වටිනාකම තේරෙන්නේ. කියලා වැඩක් නැහැ.
අන්තිම තැන ලැබීම පුදුමයක් නෙමෙයි... ලෝකයේ මේ ඩිජිටල් තාක්ෂණය ලබා ඇති දියුණුවේ නිසි ප්‍රතිඵල භුක්තිවිඳීමේ අයිතිය සැම දෙනාටම අයිතියි. ඒත්, අපේ රටේ ඒ අයිතිය සමාගම් කාරයන් තම ඒකාධිකාරයට අරගෙන රටේ ජනතාව සූරාකනවා. මේ ගැන මොකුත් නොසොයන, නොබලන රජය නිසි ක්‍රියාමාර්ග නොගෙන එම සමාගම් වලින් බදු මුදල් ලබා ගන්නවා...
ඩිජිටල් සේවා කන්නද මහත්තයෝ..?
ලෝකෙන් හොඳම දෙවැනි තැන තියෙන රටේ ඉන්න නිසා කියන්නේ.. ලංකාවේ දේශපාලකයෝ.. රටේ මිනිස්සු මොන තරම් රවටලා රට ගසාකාලාද කියලා..
රජයේ වෙබ් අඩවි දැක්කම එපා වෙනවා. සමහර ඒවා වැඩ නැහැ. අවුරුදු ගණන් පරණ දත්ත තියෙන්නේ. රජයේ නිල IT වැඩකරන ආයතනයක් තියෙනවා... සල්ලි කනවා විතරයි. සර් එනකොට කිව්වේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන් වලට රට ගෙනියනවා කියලා. අයියෝ සල්ලි..!
ඩිජිටල් ගුණාත්මක භාවයෙන් පමණක් නොව හැම අංශයෙන්ම අපේ රට සිටින්නේ අන්තිම පහළින්. එයට එක හේතුවක් වන්නේ මිත්‍යා දෘෂ්ටිකත්වය සහ ගෝත්‍රික අදහස් දරන විශාල ජනතාවක් අපේ රටේ සිටින බැවිනි.
හරීන්, සර් යවපු ගූගල් බැලුන් නිසා.. අපිට නම් මේ කිසිම ගැටළුවක් නෑ.
අන්තර්ජාලය අසමත් වුණාට සර් පාස්..
ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්ම වලින් බැහැරව කටයුතු කිරීම නම් සත්‍යයකි. සිය FM සේවා වලට මුදල් සොයා දීම ඔවුන්ගේ මූලික කාර්යය බව පෙනේ. අසන්නන් හොඳින් අන්දවා මිල අධික SMS වලින් මුදල් උපයා දීමයි. අද වෙළඳ දැන්වීම් අඩු බැවින් මේ මංකොල්ලය හොඳින් කරගෙන යයි. ඉතින් ඩිජිටල් ගුණාත්මක භාවය ගැන වෙහෙසෙන්නේ කුමකටද?
පරණ හමුදා ලොක්කෙක් දාලා ඕකත් ගොඩගන්න පුළුවන් සර්.. රෙස්පෙක්ට් සර්..!!!
මෙය සත්‍යයකි. මා විසින් SLT සමාගමේ ඉහළ නිලධාරියෙකුට පැමිණිල්ලක් කිරීමේදී ඔවුන් මා හට පැවසුවේ..., ඕනේ නම් නඩු හරි දාන්න කියා. ඉතා පහත් මනසක් ඇති මිනිස්සු වැඩ කරන්නේ..