IMG-LOGO

ටී.එන්.ඒ තරුණ සමුළුව රැස්වෙයි : ජනපතිට දැඩි දෝෂාරෝපණයක්


 
රොමේෂ් මධුෂංඛ

 
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණ සමුළුව වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවත්විණි.


ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරුණ සමුළුව වෙනුවෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන් , එස්.ශ්‍රීධරන් , ශිවමෝහන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මි ඇතුළු පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම උතුරු පළාතේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ තරුණයින් රැසක් සහභාගී වී සිටියහ.


මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.


‘වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වෙලා ඉන්නේ අපේ පක්ෂයේ අපේ ජනතාවගේ ඡන්දය නිසා එදා අපි ළඟට ඇවිත් ඉල්ලා සිටියේ මහින්දව පරාජය කරන්න තමන්ට බලය ලබා ගැනීමට දෙමළ ජනාතවගේ සහය ලබා දෙන්න එසේ නොවන්නේ නම් තමන්ට අඩි 6 ක් පොළව යටට යන්න වෙනවා කියපු කෙනා අද අඩි 6ක් පොළව යටට යවන්න හදපු කෙනා එක්ක එකතු වෙලා මේක විශාල රැවටීමක්.


පසුගියදා අපි නායකයින් රජයේ නායකයින් කිහිප දෙනෙකු හමු වුණා ඒකට අපේ ජනතාව කලබල වෙන්න හොඳ නැහැ ඇයි අරයා හම්බවෙන්නේ ඇයි මෙයා හම්බ වෙන්නේ කියලා අපි ඔක්කකොම හම්බ වෙනවා නමුත් අපි අරන් තියෙන තීරණය එලෙසමයි වෙනසක් වෙන්නේ නැහැ ජනතාවගේ තීරණය තමයි අපි ගන්නේ ‘



අදහස් (5)

ටී.එන්.ඒ තරුණ සමුළුව රැස්වෙයි : ජනපතිට දැඩි දෝෂාරෝපණයක්

රජින්ද Monday, 05 November 2018 06:09 AM

මේ බෙදුම්වාදී නඩයේ මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඔහු නිසැකවම රට බෙදන බව නොවේද.?

:       665       653

Bamunuarachchi Monday, 05 November 2018 06:21 AM

කල් යනකොටයි තේරුනේ අඩි 6 පොලව යට යවනවයි කීව මිනිහා අඩි දෙකෙන් පොලවේ හිටගෙන ඉන්න මිනිහට වඩා හොඳයි ලියලා.

:       185       179

Bamunuarachchi Monday, 05 November 2018 06:21 AM

මේ මිනිහා මුළු රටම පොලවේ යටටම යවලා තිබෙන්නේ.

:       103       201

Nandasiri Monday, 05 November 2018 07:12 AM

මුළු ලොවම රාජපක්ෂ කියන නම ඇසු විගස සෙලවෙනවා. ඇමරිකාවත්, යුරෝපයත්, කපටි ඉන්දියාවත් වෙවුලනවා. ලංකාවේ එවැනි නායකයෙක් සිටීම ගැන අපි සතුටු විය යුතුයි.

:       3390       3369

sandy123 Monday, 05 November 2018 07:51 AM

නන්දසිරි - අනේද කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site