
(රංජිත් රාජපක්ෂ)
ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක ටේලරය ගැලවි ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එහි ගමන් ගත් වතු කම්කරු කාන්තාවන් 21 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කළ අතර ඉන් සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව රාගල පොලිසිය පැවසිය.
රාගල උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයේ රාගල මැදවත්ත ප්‍රදේශයේදි අද උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු ව ඇත.
රාගල වත්තේ සිට එම වතු යායට අයත් සෙන් ලෙනාඩ් වතු යායේ තේ දළු නෙලිම සදහා වතු කම්කරුවන් 27 දෙනෙකු රැගෙන යද්දී ට්‍රැක්ටර් රථයෙන් ටේලරය ගැලවි වෙන් වී ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන රාගල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.








COMMENTS
මේ මිනිස්සු වැඩකරන දුක්ඛිත තත්ත්වය ගැන බොහෝ දෙනෙක් සංවේදී නෑ..