IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ටෙලිකොම් ලාභ ලබයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 14.3ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි.

මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 11.4 කින් වර්ධනය වී ඇති බව ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයි ද සභාපතිවරයා  කියයි.



අදහස් (8)

ටෙලිකොම් ලාභ ලබයි

මුණසිංහ Monday, 17 May 2021 03:24 AM

ෆයිබර් සම්බන්ධතා ඇති අයට මාසෙක බිල 3000/= වෙනව. ඉතින් ලාභ නොලබයිද? දුරකථන ගාස්තු වැඩියි. 1.75 වෙනව විනාඩියක්. කරුණාකරල ඒක අඩුගානෙ 1.25ටවත් අඩු කරන්න. ඒ වගේම ඉන්ටර්නෙට් ගාස්තුත් ඉතා වැඩියි. ඒක අඩු ගානෙ 25%කින්වත් අඩු කරන්න.

:       2       10

chandima Monday, 17 May 2021 08:36 AM

අනේ අපේ රටේ සල්ලි

:       0       0

රට වැසියා Monday, 17 May 2021 09:12 AM

ටෙලිකොම් ආයතනයේ ආදායම අනිවාර්යෙන්ම වැඩි්‍විය යුතුයි, අන්තර්ජාලය භාවිතාකරන රට වැසියන් බදු ගෙවන්නේ මෙගා බයිට් ගානට..! තමන්ට ලැබුණු කෝටි ගණන් උජාරුවෙන් ප්‍රකාශ කරත් තමන් රටට සපයන සේවය දියුණු කළ ආකාරය හෝ තම සේවාවේ ගුණාත්මක බව දියුණු කළ ආකාරය ගැන මේ ආයතන කවදාවත් වචනයක් කියන්නේ නැහැ..!

:       0       0

Raveendra Monday, 17 May 2021 11:28 AM

ලාබ නොලැබුවොත් තමයි පුදුමේ. මොකද අන්තර්ජාල මගින් පුදුම ගසාකෑමක්නේ කන්නේ...

:       0       0

Lakmal Monday, 17 May 2021 01:47 PM

අසීමිත ෆයිබර් සම්බන්ධතාවයක මාසික බිල ඉන්දියාවෙ විතරක් නෙමෙයි, ඇමරිකාවේ, ඉංගලන්තේ මිලටත් වඩා දෙතුන් ගුණයක් වැඩියි. කරුණාකර ස්ථාවර අන්තර්ජාල සේවා ලබාදීමට තවත් ආයතනවලට ඉඩ දෙන්න. නැත්නං මේ නාස්තිකාර ආයතනය හිතේ හැටියට මිනිස්සුන්ව හූරං කනවා.

:       0       0

D චතුරංග Monday, 17 May 2021 01:58 PM

මේ වසංගත කාල සීමාවේත් අසාධාරණ අය කිරීමක් කරන්නේ... මිනිසුන්ව ගසා කනවා. ඔන්ලයින් අධ්‍යාපනය ගැරීමක් බවට පත් කරගත් ආයතනයක්..

:       0       0

විපරමා Monday, 17 May 2021 02:14 PM

මොකද ලාබ ලබන්න බැරි? කොහොම ගැරිල්ලක් කරනවා කියලද?.

:       0       0

Nihal Tuesday, 18 May 2021 04:10 AM

රුපියල් 100 කාඩ් එකෙන් විනාඩි 23... සූරා කනවා කලු කඩ වගේනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site