
කොංග්‍රස් මණ්ඩල සැසියට බාධා කිරීමට විරෝධතාකරුවන් උසි ගැන්වූයේ යැයි යන චෝදනාවට ලක් වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පක්ෂය සැරැසෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය යටතේ ජනාධිපති ට්‍රම්ප් එම ධුරය දැරීමට නුසුදුස්සකු ලෙස නම් කරන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය උප ජනාධිපති මයික් පෙන්ස් ට බල කරයි.
උප ජනාධිපති මයික් පෙන්ස් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළහොත් දෝෂාභියෝග ක්‍රියාවලිය සමඟ ඉදිරියට යන බව ද ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කර ඇත.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නැයි උප ජනාධිපති මයික් පෙන්ස්ගෙන් ඉල්ලමින් අද (11) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත ය.
උප ජනාධිපති මයික් පෙන්ස් එය ප්‍රතික්ෂේප කළහොත් දෝෂාභියෝගයට අදාළ යෝජනාව, හෙට (12) කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි පවසා ඇත. ඒ අනුව, ට්‍රම්ප් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඡන්ද විමසුමක් පැවැත්වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. සෙනෙට් මණ්ඩපයේ බහුතරය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඩිමොක්‍රටික් පක්ෂය සතු බැවින්, එය ට්‍රම්ප්ට අවාසියක් වනු ඇත. පසුගිය 6 වැනිදා ට්‍රම්ප්ගේ උසි ගැන්වීම් මැද ඔහුගේ ආධාරකරුවන් කලහ කරමින් කොංග්‍රසයට බාධා කළ අවස්ථාවේ, ට්‍රම්ප්ට සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන්ගේ අප්‍රසාදය ද එල්ල විය.
ඉකුත් වසරේ නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය පත් විය. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අතර ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ඇමෙරිකානු කොංග්‍රසය රැස්වූයේ ඉකුත් 6 වැනිදා ය. ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී කොංග්‍රස් රැස්වීමට බාධා කළේ එම අවස්ථාවේදීය.
ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නැති නමුත් සාමකාමී ලෙස බලය පවරා දෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් දා පොරොන්දුවක් ලබාදුන්නේ ය. තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ලබන 20 වැනිදා ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.
ජනාධිපති ට්‍රම්ප්, බයිඩන්ගේ දිවුරුම් දීමේ උළෙලට සහභාගී නොවන බවත්, එදින ඔහු ෆ්ලොරීඩාවේ ඔහුගේ නිවාඩු නිකේතනයේ ගත කරන බවත් ධවල මන්දිර ආරංචිමාර්ග සඳහන් කරයි. තමන්ගේ දිවුරුම්දීමේ උළෙලට සහභාගී නොවීමට ට්‍රම්ප් ගත් තීරණය ගැන තමන් අතිශය සතුටට පත්වන බව ජෝ බයිඩන් පවසා ඇත.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055
COMMENTS
හොඳ වෙලාවට ජෝ බයිඩන්, කමලා හැරිස්ව ඔහුගේ උප ජනාධිපති තනතුරට තෝරා ගත්තේ... එසේ නොවුණා නම් අදත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ම තමයි.
නන්දසේනතුමාටත් එකක් ගේන්න බැරිද?
අයියෝ... ට්‍රම්ප් අයියා ඕවත් වැඩද අපේ අර හිටපු සත්ගුණවත් ප්‍රේම් අයියට අපායට කෝල් එකක් දීල දෝෂාභියෝග දිනන හැටි අහගන්නකෝ... ප්‍රතිපල අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. අන්තිමේදී වයිට් හවුස් එකේ පඩිපෙළේ තමන් සමග ඉන්න අම්බරුවන්, මී හරකුන් සමග සමූහ ඡායාරූපයක් අරගෙන පලකරන්න.
කෝ අපේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකාරිනියන්...? මේ ප්‍රශ්නයට පොඩ්ඩක් මැදිහත් වෙලා අඩු ගානේ ප්‍රකාශයක්වත් කරන්න අදහසක් නැද්ද?