ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (19) ප්‍රකාශ කළේය.
දෝෂාභියෝගය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අවසානය සටහන් කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද රුසියානු ජනාධිපතිවරයා කීවේය.
“දෝෂාභියෝගය සෙනට් මණ්ඩලයෙන් සම්මත විය යුතුයි. රිපබ්ලිකන් පක්ෂයට එහි බහුතරයක් තිබෙනවා” යැයි ද ජනාධිපති පුටින් කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනාධිපති ට්‍රම්ප් එරෙහිව දෝෂාභියෝග යෝජනාව සම්මත කරගැනීමෙන් පසුව ජනාධිපති පුටින් ඒ බව පැවැසීය.
බලය අවභාවිත කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනා දෙක යටතේ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාව සම්මත කරගත්තේය.
“රිපබ්ලිකන් පක්ෂය තමන්ගේ පක්ෂයේම කෙනෙක් බලයෙන් ඉවත් කරන එකක් නැහැ. එවැන්නක් වෙන්න තියෙන්නේ ඉතාම සුළු ඉඩක්. දෝෂාභියෝග යෝජනාව සකස් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු පදනම් කරගෙන” යැයි රුසියානු ජනාධිපතිවරයා කීය.
වාර්ෂික මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් රුසියානු ජනාධිපති පුටින් එම කරුණු සඳහන් කළේය.
“මේ දෝෂාභියෝග ක්‍රියාවලිය අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. එය දිගටම සිදුවෙනවා. මෙය ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර තරගයක්” යැයි ද හෙතෙම කීය.

දෝෂාභියෝගයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ කාලය අවසන් වනු ඇත්දැයි මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුසියානු ජනාධිපතිවරයා තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ජෝ බයිඩන් සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් කරමින් දුරකතන ඇමතුමක් දුන්නේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය සම්මත කරගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී බදාදා (18) දෝෂාභියෝග යෝජනාව සම්මත කරගැනුණි.
ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට ගෙන ඒම සඳහා රුසියාව ඇමෙරිකානු ජනාධිපතිවරණයට මැදිහත් වූ බවට මීට පෙර චෝදනාවක් එල්ල වූ බව ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදි සිහිපත් කළේය. ජනාධිපති ට්‍රම්ප් එම චෝදනාවට කොටු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය උත්සාහ කළ බවත් එය අසාර්ථක වූ තැන මෙලෙස දෝෂාභියෝගයක් ගෙනැවිත් ඇති බවත් රුසියානු ජනාධිපතිවරයා වාර්ෂික මාධ්‍ය හමුවේදී කීය.
“ට්‍රම්ප් රුසියාව සමඟ සැලැසුම් සකස් කළේ යැයි ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කළා. එය අසාර්ථක වුණා. එම චෝදනාව දෝෂාභියෝගයකට පදනම් කරගන්න බැහැ” යැයි ද පුටින් කීවේය.
“එයින් පසුව ඩිමොක්‍රටික් පක්ෂය ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව යුක්රේනය ඇඳෑ ගත්තා” යැයි රුසියානු ජනාධිපති පුටින් වැඩිදුරටත් කීය.
ඒ.එෆ්.පී
055

2025 නොවැම්බර් මස 21
62
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1014
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක්‘