ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම නැවත සක්‍රිය නොකරන බව ට්විටර් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී නෙඩ් සේගල් මහතා පවසයි.
"ඔබ කවර තරාතිරමක අයෙකු වුවත් ට්විටර් ගිණුමක් අක්‍රිය කිරීමෙන් පසු එය නැවත සක්‍රීය කරනු නොලබයි. ට්විටර් ජාලයෙන් ඉවත් කිරීම යනු සදාකාලයටම ඉවත් කිරීමකි. ට්‍රම්ප් යළි ධූරයට පත්වූවද ගිණුම නැවත සක්‍රීය කරනු නොලැබේ." යනුවෙන් මේ සම්බන්දව අදහස් දක්වමින් සේගල් මහතා පැවසීය.
තම කණ්ඩායම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවත් ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිනුම තහනම් කිරීමේ කාරණය සම්බන්ධව සුභවාදී අදහස් දක්වන පිරිසක් තමා වටා සිටින බවත් සිටින බවත් සේගල් මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය ජනවාරි 06 වැනි දා ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ කලබලයෙන් පසුව ට්‍රම්ප් මහතාගේ ට්විටර් ගිණුම ස්ථිරවම තහනම් කරන ලදී.
එම අවස්ථාවේදි වැරදි තොරතුරු හුවමාරු කරගැනීම හේතුවෙන් ට්විටර් ගිණුම් 70,000කට වැඩි ප්‍රමාණයක් අත්හිටවන ලදී. එම ගිණුම් හිමියන් අතර ට්‍රම්ප්ගේ ඉහල පෙළේ ආධාරකරුවෝ පිරිසක් ද සිටිති.
සේගල් මහතා මෙසේ ද පැවසීය.
"අපගේ ප්‍රතිපත්ති සැලසුම් කර ඇත්තේ මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නැති බවට වගවීම සඳහා වන අතර යමෙකු ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නම් අප ඔවුන්ව සේවයෙන් ඉවත් කළ යුතුය. ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට ට්වීටර් ගිණුම භාවිතා කළ නොහැකි බව අප වසර ගනනාවකට පෙර පැහැදිලි කළෙමු. අපගේ ප්‍රතිපත්ති සහ ඒවා බලාත්මක කිරීම සම්බන්දයෙන් අප දිගටම විනිවිද භාවයෙන් කටයුතු කරන්නෙමු."
(ඩේලි මේල් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 21
129
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
218
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1070
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ට්‍රම්ප්ට ආයේ ට්විටර් ගිණුමක් දෙන්නේ නෑ