IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ටයිල් චමින්ද යළි රිමාන්ඩ්

 

(ටෝනි කරුණානායක )

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්  කණ්ඩායමක් සමඟ එක්වී හෙරොයින් ජාවාරම් කිරිමේ නිරත වූ ටයිල් චමින්ද නැමැති සැකකරු ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා අද (15) නියම කළේය.

අධිකරණ නියෝග මත දින 90 ක් මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරිමෙන් අනතුරුව සැකකරුව අද (15) අධිකරණය ට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි චමින්ද දයා ප්‍රියංක මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද යන සැකකරුව මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණය ට ඉදිරිපත් කිරිමට මිනුවන්ගොඩ පොලිසිය අද (15) කටයුතු කළේය .

සැකකරුව හෙරොයින් ග්‍රෑම් 05 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් අනතුරුව සැකකරු හෙරොයින් ජාවාරම් කිරීම සදහා උපයෝගී කරගෙන තිබූ වාහන 06 ක් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . එම වාහන රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ව්සින් මිනුවන්ගොඩ පොලිසියේ දී පසුගියදා පරික්ෂාවට ලක් කළේය.



අදහස් (0)

ටයිල් චමින්ද යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site