ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීම සඳහා පැවැති උත්සවයකදී සිසුවකුගේ හිසේ ටයරයක් වැදී බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් වීසි කළ බව කියන ටයරයක් හිසේ වැදීමෙන් බරපතල තුවාල වූ පසිදු හිරුෂාන් (20) නැමැති සිසුවා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිසුවාගේ මොළයට හානි වී, අභ්‍යන්තර රුධිර වහනයක්ද වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ගිලන් රථයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව මිරිහාන පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමට ද කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
දැනට වසර 5කට පෙර නැවත වරක් නවක වදය පටන් ගැනීමට ඉඩ සලසා දුන් අයට මේ සඳහා දඩුවම් කළ යුතුයි.
විමර්ශන කෙසේ සිදුවුවත් සිසුවාට සාධාරණයක් වේද සැකයි. එය සාධාරණ වුවත් අසාධාරණව සිදුවුවත් ස්වභාව ධර්මයා මෙවැනි වැරදි කරන්නන්ටත් එයට අනුබල දෙන්නන්ටත් වැරදිකරුවන් බේරාගැනීමට උදව්කරන්නන්ටත් සදාකල්හිම දඬවම් කරාව්.
මෙය අමු මිනීමැරුමකි. බේබද්දෝ සහ නවකවදකාරයෝ සමග රෑ එක පමණ වෙනකල් අමාරුවෙන් ඉඳලා නිදාගන්න යනකොට ඒ තරහට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේ මිනීමරුවන්ව අල්ලා පෝරකයට යවන්න. මේ ළමයා අම්මාගේ මරණය වෙලාවේ තමයි ඒ ලෙවල් කරලා තියෙන්නේ. මෙයාට ඒ තුනක් තියනවා. තාත්තා අහිංසක ගොවියෙක්.
ඔක්කොම උනාට පස්සේ විමර්ශන. ඔය තමා මේ නවකවදකයින්ට මීට පෙර නිසි දඬුවම් නොදීමේ ප්‍රතිපල.
දියුණුයි කිව්වට, බෞද්ධ රටක් කිව්වට අපි තාමත් වනන්තරේ. හැමෝටම තියෙන්නේ පරපිඩක මානසිකත්වයක්.
උසස් පෙළ ලියන කාලයේ අම්මත් නැතිවුණා. අහිංසක තරුණ දරුවෙක්. මේක පැහැදිලිවම මිනීමැරීමට තැත් කිරීමක්. මහා ලොකු සක්කිලි ජ්‍යෙෂ්ටයින්ගේ බලකිරීම් වලට එකග නොවීමේ ප්‍රතිඵලය මරණයද ? මිට හපන් උපකුලපති මේකෙන් ඇග බේරගන්න, තමන්ගේ හැකියාවන් පෙන්නන්න ලිස්ට් එකට පැනගන්න ලිස්සලා යන උත්තර දෙන අපුරුව දැක්කම. මේ දරුවාගේ පියාම කියනවා පුටු රැකගන්න වගකිවයුත්තෝ සද්ද නැතුව ඉන්නවා කියලා. නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජනතාවට පාතාලයේ පිහිට පතන්න වෙන්නේ මේ අවස්ථාවල.
ජපුරේ අයට පිස්සු, කලින් කම්පියුටර් එකකින් ගහලා ඔලුව තලලා මැරුවා. පිහියෙන් ඇනලත් මැරුවා. ටැමිල් ෆිල්ම් බලනවා වැඩියිද කොහෙද ?
අගතියට පත් දරුවාගේ දෙමව්පියනි, ඔබලා තීරණයක් ගන්න. මගේ දරුවෙකුට වුනා නම් පොලිසියට කරන්න දෙයක් මම ඉතුරු කරන්නේ නැත...