(නිමල කොඩිතුවක්කු)
උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම සහ පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව සම කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට අද (28) එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
මෙයට අමතරව රාජ්‍ය දේපල අවභාවිතය, රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් ආදායම් ඉපයීම, වංචා, දුෂණ, අක්‍රමිකතා සිදුකළ දේශපාලඥයන් මෙන්ම ඊට සම්බන්ධ සියලුම පාර්ශ්ව වලින් පලිගැනීමේ චේතනාවෙන් තොරව අධිකරණ ක්‍රියාමාර්ග තුළින් අවශ්‍ය උපරීම දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
අපිට ඔය ටැබ්වත්, සුරක්ෂාවත් නෙවෙයි ඕනෑ. අපි ඉල්ලුවේ ජීවත් වෙන්න රටක්... මීට 69න් කෙනෙක්...
මොවුන් ආවම ඒ අය කරපුවා නවතී. ඔවුන් ආවම මොවුන් කරපුවා නවතී. මොවුන් සියලු දෙනාටම ජාතික ප්‍රතිපත්තියක් නැත. ඇත්තේ පුද්ගලික බල තණ්හාවකි. ජනතාව මෝඩයන් සේ හැසිරෙන තාක් ජඩ දේශපාලුවන් රජ කරති.
ළමයින්ගේ රක්ෂණයත් නවත්තනවද?
මේවගේ අය ටිකක් ඈතට අධ්‍යාපනය කළොත් රටට අබසරණයි.
තව අවුරුද්දකින් මේ අය කරපු බොරුව හැමෝටම දැනගන්න ලැබේවි.
දැන් මෙහෙමනේ. තමන්ට දේශපාලන් වශයෙන් අවාසි නම්, මිනිස්සුන්ට හෙණ ගැහුවත් ඒ වැඩේ අපේ රටේ අනිත් අය ඇවිත් නවත්තනවා. අපරාධ දූෂණ, හොයන එක හොඳයි. හැබැයි පහුගිය කාලේ පටන් ගත්ත ඒවත් වෙට්ටු නොදා හොයන්න ඕනේ. ස්විස් එම්බසියේ නිලධාරිනිය පැහැරගෙන ගිය එවුන් අල්ලගන්න ඕනේ. සී.අයි.ඩී යේ කිසිම චෝදනාවක් නැති සියළුම නිලධාරීන්ට රට යන එක තහනම් කරලා, නාමල් වගේ හිරේ යන්න ඕනේ ඒ අයට රට යන්න දෙන එක නවත්තන්න ඕනේ...
ටැබ් දෙන්න හදපු එකනම් කලින් හිටපු නායකතුමාගේයි, ගෝලයාගෙයි ඔල මොට්ටල වැඩක්...
ටැබ් වැඩේ නම් නවත්තපු එක හොඳයි. කිසිම තේරුමක් නැති රටේ මුදල් නාස්ති කරන්න හදපු වැඩක්. මොකද ඔය ටැබ් වගේ ඒවා අවුරුදු දෙක තුන යනකොට ලෙඩ එනවා. ඉතින් ඒවාට නිකරුනේ සල්ලි යනවා,.. අනික විදුලියත් යනවනේ. නිකන් ප්ලාස්ටික් ගොඩවල් බැටරි ගොඩවල් රටේ ගොඩගැහෙන වැඩක්. එහෙම බැලුවහම පොත කියන එකේ ඔය ප්‍රශ්නය නෑ.. ඔන්න පීනන්න සල්ලි තියෙන ලෝකෙට ණය නැති රටක් නම් ටැබ් දෙන වැඩේ අවුලක් නෑ.
ආණ්ඩු වෙනස් වූවත් අධ්‍යාපන සැලසුම් සහ ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුයි. මේවා නිතර නිතර වෙනස් කරනවා කියන්නේ අපේ කිසිම වැඩකට සැලැස්මක් හෝ ප්‍රතිපත්තියක් නොමැති බව නේද?
මේකෙන් පෙන්නේ අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දැක්ම කොයි තරම් නිවැරදිද යන්නයි. මේ නිවැරදි තීන්දු ගත්තාට වත්මන් ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය පිරි නමනවා. ළමයිට මොකටද රක්ෂණ, මොකෝ ඒ අය ඉස්කෝලේ යන්න ඩ්‍රයිවින් කරනවද? ඉතින් අපි ඡන්දයේදී ගත් තීරණය නිවැරදි බව ඔප්පු කලාට ස්තුතියි, ඔබ සැමට තෙරුවන් සරණයි.
ගෝඨාභය පාලනය ගැන සුභ පෙර නිමිති. සුරක්ෂා, ටැබ් කියලා මහජන මුදල් ප්‍රකෝටි ගානක් අවභාවිතා කල බව කෝප් කමිටුවේ ලිස්ට් එකේ මුලම තියන ඒවා. දැන් ඒකත් ඉවරයි. මෙවැනි තීරන ගැනීම ගැන ස්තුතියි.
සුරක්ෂා එක සෑහෙන ප්‍රයෝජන වුනා. සිසුන්ට මේවා නොවේ නවත්වන්න ඕනා....
දෙන්න තිබුන ටැබ් නැවතුනා. තිබුන සුරක්ෂාවත් නැවතුනා. නිල ඇදුම් වවූචරෙත් නැවතුනා. ඒවාට හරියන්න ඉල්ලපු VAT අඩු වුනා.
මේක තමයි බන්දුලගේ, ඩලස්ගේ දේශපාලනේ.
ඔය ටැබ් වලින් පලක් නැහැ. නැවතත් මේ රටේ අධ්‍යාපනය ලබන දරුවන්ව ගල් ලෑල්ලට හා අභ්‍යාස පොතට පමණක් හුරුකල යුතුයි. ඒ වගේම අපේ රටේ උගත් මන්ත්‍රීවරයෙක් ටැබ් එකක් අතේ දරාගෙනම පවසා තිබුනා, "ටැබ් භාවිතයෙන් පිළිකා ඇතිවිය හැකි බව" ඉතින් අපි ජනතාවක් ලෙස ඒවා පිළිගත යුතු නොවේද? දේශීයත්වයට නැඹුරු නොවී සුද්දන්ගේ දේවල් කරපින්නා ගත්තාම ඔහොම වෙනවා. ඒ වගේම බුද්ධ ධර්මය විෂයට, චුඩා මාණිඛ්‍ය හා නාග මාණිඛ්‍ය ගැන විෂය නිර්දේශයට ඇතුලත් කල යුතුයි. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, භූගෝලය වෙනුවට, ඉතිහාස විෂයට ප්‍රමුඛත්වයදී කටයුතු කිරීමෙන් අපේ සංස්කෘතික උරුමයන් අපට රැක ගත හැකිවනු.