IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටොන් 30ක් හිස මත වැටී මෝටර් කාර්මික ශිල්පියා මරුට

(චාපා මධුභාෂිණී)

කාර්මික දෝෂයකට ලක් වූ ලොරි රථයක් සකස් කරමින් සිටි මෝටර් කාර්මිකයක් ගේ හිස මතට ඒම ලොරි රථය වැටීමෙන් මරණයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දිවුලන්කඩවල පී.ඒච්.ජි අනුරසිරි ගුණරත්න නමැති වයස අවුරුදු 45 පමණ වන තිදරු පියෙකි.

ත්‍රිකුණාමලයේ සිට පොලොන්නරුව දෙසට සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයේ රෝදයක වූ කාර්මික දෝශයක් හේතුවෙන් ලොරි රථයේ රියදුරු මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචි මෙම කාර්මික ශිල්පියාට දුරකථන ඇමතුමක් ලබා දී ඒම ස්ථානයට ගෙන්වාගෙන ඇත.

පසුව මෙම කාර්මික ශිල්පියා ලොරි රථයේ රෝදයේ දෝෂය සැකසීමට යාමේදී ආධාරකය ඉවතට ගොස් කාර්මික ශිල්පියාගේ හිස මතට ලොරි රථයේ පිටුපස කොටස වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

කාර්මික දෝෂය සිදුවන අවස්ථාවේ ලොරි රථය තුළ සිමෙන්ති මිටි 600ක් පමණ තිබේ ඇත.  සිමෙන්තිවල ලොරි රථයේ සියලු බර ටොන් 30ක පමණ තිබු බැවින් එය ඔසවා තැබිම සදහා යොදාගත් ආධාරකය (ජැක්එකක්) ගසා කාර්මික ශිල්පියා  විසින්  ලොරි රථයේ දුණුමිටියේ දෝෂය සැකසීමට යාමේදී මෙම අනතුර සිදුව තිබේ. 

අනතුර සිදු වූ අවස්ථාවේදීම කාර්මික ශිල්පියා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කිරීමට ගම්වාසීන් කටයූතු කර ඇති අතර රෝහලට ඇත්ලත් කිරීමේදී ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

(ඡායාරූප හිඟුරක්ගොඩ ඩබ්ලිව්.ඒ්.පියතිලක)

 



අදහස් (4)

ටොන් 30ක් හිස මත වැටී මෝටර් කාර්මික ශිල්පියා මරුට

සුදත් ශ්‍රී Wednesday, 23 June 2021 12:49 PM

මියගිය අයට නිවන් සුව පතනවා. ඒත් අන් අයගේ දැන ගැනීම පිනිස. සිමෙන්ති 600 පටවපු ටොන් 30ක ලොරි කන්ටේනර් එකක් කවුද ජැක් එකකින් උස්සන්නෙ. මම යුරෝපයේ දී දැක්කා, ජැක් එක්ක ගහන්න කලින් ඔය වගේ ලෝඩ් එකක් ඒ මිනිස්සු පැයක් දෙකක් තිස්සෙ බෑවා. ඊට පස්සෙ පටවන්න ඒ වගේම කාලයක් ගියා. ලොරිය හදන්න ගතවුනේ විනාඩි විස්සක් විතර.

:       0       92

fairoos Wednesday, 23 June 2021 02:54 PM

ඉතාම කණගාටුයි... අපරික්ෂාකාරි වැඩ..

:       0       13

pakeer Thursday, 24 June 2021 12:39 PM

මේවා ඇහෙද්දි හරිම දුකයි

:       0       4

janahitha UAE Saturday, 26 June 2021 09:40 AM

ජැක් එක සුදුසු තැනක ආරක්ෂක ලෙස යොදා නොමැති බව පෙනෙනවා. අඩුම තරමින් ජැක් එක යෙදූ පසු යොදා ඇති බර සැලකිල්ලට ගෙන ආරක්ෂාව සඳහා ආධාරක යෙදිය යුතුව තිබුණා. ලංකාවේ කාර්මික විද්‍යාලවල, විශ්ව විද්‍යාලවල ඉදිකිරීමුත් ඒ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site