ටොන් 1.3ක හෙරොයින් තොගයක් සෆෝක් වරායෙන් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන් සමත් වී ඇත.
මෙය මෙතෙක් බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය ලෙස සඳහන් වන අතර එහි වටිනාකම ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වන බව ගණනය කර තිබේ.
නෞකාවක කන්ටේනරයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර ඒවා සනීපාරක්ෂක උපකරණ සමග සඟවා තිබූ බව බලධාරීහු පවසති.
මේ වනවිට ෆෙලික්ස්ටොව් ජැටියේ නවත්වා තිබෙන නැව බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරන බව පැවසේ.
මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය පකිස්ථානයේ සිට ගෙනවිත් තිබෙන බවයි.
මෙම ජාවාරමට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් හතරදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකේ බෑ අප්පා. ලංකාවට ලැබෙන්න තිබුණ විදේශ විනිමය නේද මේ අහකයන්නේ? අපේ හිරගෙවල්වල්වල ඉන්න ගෝලබාලයෝයි, පරමාධිකාරී බලය දරන මහමොල කාරයොයි හූල්ලනවා ඇති අනේ... අපිට එව්වා නම් කවුරුවත් අල්ලන්නේ නැතුව ගොඩට බාගන්න තිබුණනේ කියලා. ඇල්ලුවත් ලොකු මහත්තුරු ඇවිත් බදා ගත්තහම නෝ කේස්නේ අප්පා...