IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ටෙක්සාස් වෙඩි තැබීමකින් 5 ක් මරුට

 

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 

මිඩ්ලන්ඩ් හා ඔඩිස්සා නගර යා කරමින් දිවෙන මාර්ගයකදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර මෙය ටෙක්සාස් ප්‍රාන්තයේ මාසයක් ඇතුළත සිදුවූ දෙවන වෙඩි තැබීම බව මාධ්‍ය වාර්තා කර ඇත.

මෝටර් රියකින් පැමිණි තුවක්කුකරු එම ස්ථානයෙන් ගමන්ගත් මෝටර් රථ වලට වෙඩි තැබූ බවත් ඔහු නැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියකුට ද වෙඩි තබා ඇති බවත් බලධාරීහු පවසති. 

සැකකරු ට්‍රක් රථයක් පැහැරගෙන පලායාමට උත්සාහ කළ අවස්ථාවේ  පොලිස් වෙඩි ප්‍රහාර වැදී මියගොස් ඇතැයි සඳහන් වේ.

වෙඩිතැබීමට හේතුව පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි. සති තුනකට පමණ පෙර එල් පැසෝ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 22 දෙදෙනෙකු මියගියහ. 

 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ටෙක්සාස් වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site