(රොමේෂ් මධුෂංඛ)
ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ටොලෝ පක්ෂයේ වව්නියාවේ දී මධ්‍යම කාරක සභා සාමාජිකයින් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය විසින් මෙසේ නිල නිවේදනයක් නිකුත් කර ඇත.
මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් පත්වන නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4 ක් ද තිබිය යුතු බවද පෙන්වා දෙයි.
එහිදී පළමු කරුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීමක් ඇති විරුද්ධවාදීන් නොඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයකු වීම පෙන්වා දෙයි.
දෙවැනි කරුණ වන්නේ, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත්‍රිවිධ හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැක ගැනීමට හැකි අයෙකු වීමයි.
තුන්වන කරුණ වන්නේ, මුලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවු අයෙකු වීමයි.
අවසන් කරුණ වන්නේ, සාධාරණත්වය හා සාමානාත්මතාවය සහ සියලු ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙසත් ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙඳුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලූම පුරවැසියන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සහ රැකගැනීම මඟින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාට අයිති වෙනවා සේම ඔවුන් එකම රටකට අයිති බව හැඟවිය යුතු බවයි.
ඉහත කරුණු සඳහන් වගකීම කවුරුන් හට ලබා දෙනවා ද යන තීන්දු ගැනීමේ දී ඡන්ද දායකයා ඉතා සුපරික්ෂාකාරී විය යුතු බවද ඒ නිසා සියලු කරුණු සළකා බලා විශේෂයෙන්ම පසුගිය කාලයේ සහ අනාගතයේ ඔවුන්ගේ ක්‍රියාවන් ද ප්‍රතිපත්ති ප්‍රකාශන ද සළකා බලා දෙමළ ජාතික සන්ධානය ( ඉලංගයි තමිල් අරසුකච්චි) විසින් සියලුම ජනතාවගෙන් විශේෂයෙන් නියෝජනය කරන දමිළ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ අපේක්ෂකයා, හංසයා ලකුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ලබා ලෙසත් ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මෙම නිවේදනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අදයික්කලනාදන් හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ථාර්තන් යන අය විසින් නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින් දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා නැවත නැවතත් තුන්බිය ඉල්ලන්නේ.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ අති බහුතරයක් සිංහල ප්‍රජාව අපේක්ෂාවෙන් උන්නේ දෙමළ බෙදුම්වාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂ මෙන්ම ඒවායේ දේශපාලකයින් ගාව නොගන්නා අපේක්‍ෂකයා මේ රටේ මීළඟ ජනාධිපති වෙයි කියලා. මිනිස්සු මාස ගානක් බලාගෙන උන්නේ දෙමළ සන්ධානය සහාය දෙන්නේ කාටද කියලා. ඒ වගේම මිනිස්සු බලාගෙන හිටියේ රිෂාඩ්ලා, හකීම්ලා සහාය දෙන්නේ කාටද කියලා. දැන් ඒ සියල්ලම පැහැදිලියි. හිස්බුල්ලා ඔවුන්ගේ ප්‍රදේශ වල අන්තවාදී ජන්ද බලාගෙන වෙනම ඉල්ලුවා. දැන් සිංහල මිනිස්සුන්ට එකම රටක් තුල ජීවත් වීමට ආරක්ෂාකාරී එකම විකල්පයයි තියෙන්නේ ඒ ගෝඨා පමණමයි.
කොන්දේසි 13 ක් ගැන කිව්වේ විහිලුවටද?
කවුරු සහය දුන්නත් වැඩක් නැහැ මහජන සහය නැතිව. ඒ මොකද ඡන්දය දෙන්නේ මහජනයා මිස මන්ත්‍රීවරු නොවන නිසා .
හොද පැහැදිලි කිරීමක් සහ මෙය තමයි සත්‍යය.
මොන බොරුද? යටින් ගිවිසුම් ගහලා දැන් නිකන්ම එකතු වෙනවලු. දැන් තමයි සිංහල හැමෝම එකතු වෙන්න ඕන වෙලාව. නැත්නම් අපිට රටක් නැහැ.
කොළඹ ජනපති මැදුරෙන් එළියට බැස ඈත ගිරුවා පත්තුවේ අහිංසක ජනතාව සමග කුරහන් තලප කා ඔවුන්ගේ දුක තමන් හා බෙදාගෙන එම සියලු ජනතාවට තම හැකි පමණින් සේවය කළ සජිත් ප්‍රේමදාස මහතා ජනපති විය යුතුයි. හමුදා සේවයේ සිට එය අතහැර ඇමෙරිකාවට ස්ථිර පදිංචියට ගිය පුද්ගලයින්ට වඩා සජිත් නියම දේශ ප්‍රේමියෙකු වේ. මේ රටේ බහුතර පොදු ජනතාව එය තීරණය කර හමාරයි.
දැන් ඉතින් කවුරු මොනවා කිවුවත් ජන්දේ දෙන්නේ ගෝඨාට.
මේ රටේ සියලු ජනතාව සමගියෙන් සමාදානයන් සිටිය යුතුයි. අන්තවාදී බලවේග පරාජය කළ යුතුයි. ප්‍රේමදාස මහතා යනු නියම සිංහල බෞද්ධයෙකි. ඔහුට මඩ ගහන අය හිතට ගන්න තම රටේ කොටස් වෙනත් අයට පැවරීමට ඔහුට කිසිම පිස්සුවක් නැත. බොරු බිය ජනතාව අතර පතුරුවන්න එපා.
බාබු හිටියානම් ඔහුගේ සහයත් සජිත්ට.
නැතුව නැතුව....ටී.එන්.ඒ කොහොමත් සහය දෙන්නේ යූ.එන්.පී එකට. කලින් දුන්නේ තාත්තා. දැන් පුතා.
අන්තවාදීන් සියල්ලගේම සහාය සජිත්ට. මේ රටේ අහිංසක මිනිස්සු 300ක් මරපු බදියුදීන්ලා,හකීම්ලා,රට බෙදන්න ඉල්ලන සම්බන්ධන්ලා ඔක්කොම මේ රට විනාශ කරන්න ගිවිසුම් ගහගෙන සජිත්ට සහාය දෙනවා. සිංහල මුස්ලිම් දෙමළ මැලේ ප්‍රගතිශීලී සියලුම ජනතාවට හිතන්න අවස්ථාව මේ. මෙවැනි අන්තවාදීන්ගෙන් රටට වන යහපතක්නම් නැත. මොවුන් පරාජය කළ යුතුමයි.
දෙමළ මිනිසුන් හොඳ සිංහල බෞද්ධ නායකයකුට ඡන්දය දෙන එක ගැන සිංහලයන් හැටියට අපි සියලු දෙනාම සතුටු විය යුතුයි.
දැන් නම් ඡන්දෙ දෙන්නේ කාටද කියල හිත හිතා ඉන්න දෙයක් නැහැ.
සජිත් ඓතිහාසික ජයක් ලබනවා
ගෝඨාගේ ප්‍රතිශතය 53.7% යි. සජිත්ට 39.2% යි. අනුරට 4.8% යි.
සජිත්ගේ ජය තහවුරුයි. අතිශය තියුණු සටනක් නමුත් සජිත් දිනනවා.
ජය වේවා! කොන්දේසි 13 ම දෙන්න පොරොන්දු වෙන්න ඇති මොකද සුළු ඡන්ද ගොඩක් ලොකු වෙනසක් කරනවා දකුණේ අය බෙදිලා ඉන්න නිසා. අන්තිමට සිංහලයට යන එනමන් නැතිවෙනවා. බොරුවට කියයි මුකුත් පොරොන්දු නැහැ කියලා. මිනිස්සු අන්දන්න නියම හපන්නු.
ඔය කොටිය පැන්නෙ මල්ලෙන් එලියට. ඔහොම දේවල් දැක දැකත් අලියගෙ නැට්ටෙ එල්ලෙන්නෙ එසේ මෙසේ කට්ටිය නෙමෙයි.
දැන්වත් සිංහල අපි පාට පක්ෂ නැතුව එකතුවෙමු අපේ පින්බිම එකාමෙන් රැකගමු.
2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රී පිලේ හිටිය කවුද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කර ගමු. මෛත්‍රී පිලේ හිටපු කට්ටිය (1) එක්සත් ජාතික පක්ෂය (2) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (3) ජාතික හෙළ උරුමය (4) ද්‍රවිඩ ජාතික සන්ධානය (5) දිගම්බරම්ගේ වතු කම්කරු සංගමය (6) සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (7) අසාද් සාලි ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (8) ජනතා විමුක්ති පෙරමුණ(ජනතා විමුක්ති පෙරමුණ කෙලින්ම සහය නොදැක්වුවද ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය දියත් කළේ සියයට 99 මහින්දට විරුද්ධව ය) (9) මෛත්‍රීපාල දුමින්ද රාජිත අතුරලියේ රතන හිමි ෆයිසර් මුස්තාපා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කඩා ගෙන ගිය පිරිස (10) මාදුළුවාවේ සෝභිත හිමි සරත් විජේසූරිය දබර අමිල හිමි නිර්මාල් රන්ජිත් වික්‍රමබාහු කරුණාරත්න ආදියගෙන් සමන්විත වුනු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය (11) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (12) අලුත් පරපුර (13)විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආදි තවත් ලොකු කුඩා බොහෝ සංවිධාන සිරිපාලට සහයෝගය දැක්වූවා. නමුත් මෛත්‍රීට ජයගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 4 කින් පමණි. නමුත් අද තත්වය එයට වඩා ඉඳුරාම වෙනස්ය.
ඔව් දැන් 2015දීත් ඔය කියපු පොරොන්දු ඉටුකරලා උතුර නැගෙනහිර කොටියට ලියලා දුන්නනේ නේද? දැන් කොටිනේ පාලනය කරන්නේ ඒක. ඔය බොරු දැන් පරණයි. අලුත් ටිකක් හොයාගන්න
දැන් ඉතින් ගෝඨා ගේමක් නැතුව ලක්ෂ 75 පන්නල ඡන්ද ගන්නවා.
සිංහල බෞද්ධයිනි, දැන්වත් ඇස් ඇරලා බලන්න. කන් ඇරලා අහන්න. මෙදා පාර වැරදුනොත් 2015 වැරදුනා වගේ නෙමේ. මෛත්‍රී මහත්තයා රටට ආදරේ මිනිහෙක් නිසා ලංකාව මෙහෙමවත් ඉතුරු උනා. මෙදාපාර වැරදුනොත් රටක් ඉතුරු වෙන්නේ නෑ. මෙයාලා ඉන්න වේදිකාවට හුරේ දාන්න කලින් හංසයාට කතිරේ ගහන්න කලින් ලක්ෂ පාරක් හිතන්න.
සජිත් සර් ඔය හරි කරේ හරිම කැත වැඩක්. රනිල් සර්ව ඉස්සරහට දාලා TNA එකේ සපෝර්ට් එක අරගත්තා. TNA එක සපෝර්ට් කරනවා කියපු ගමන් ඔයා රනිල් සර්ව කපල දැම්මා. කලින් රනිල් සර්ට අගමැතිකම දෙනවා කියල දැන් වෙන කතාවක් කියනවා. ඕවා හරිම කැත වැඩ.
ගෝඨාභය ජයග්‍රහණය මේ වනවිට ස්ථිර වී ඇති බව පවසනවා...!
ඔකේ ප්‍රශ්නේ හරියට තේරෙන්නේ නැහැ බොහෝ කට්ටියට , මහින්දලා එක්ක ටීඑන්ඒ එක එකතුවෙනවා කියන්නේ එකක් සහ රනිල් එක්ක එකතුවෙනවා කියන්නේ තව එකක්. ප්‍රතිපල දෙකක්. මහින්ද ගාවට ගියොත් මහින්දලාගේ විදිහට ඉන්න ඕන , නටන්න බැහැ. නමුත් යුඑන්පි ගියොත් උන් ගහන පදේට යුඑන්පි කාරයෝ නටනවා. ඕකයි වෙනස ඔන්න කෙලින්ම කිව්වා.
ඇමරිකන් ඡන්දත් එක්කද?
ජාතිවාදය සහ තක්කඩි කම රට පාලනයට සුදුසු දෙයක් නොවෙයි.
ජාතිවාදී විදෙස් කුමන්ත්‍රණ බොරු ගෝනි බිල්ලෝ ගෙනත් ඡන්ද ගන්න බැහැ සදාකාලික
සුළු ජාතීන් කොන්කිරීමෙන් සිදුවනුයේ ඉබේම රට බෙදීමකට පාර කැපීමකි. මෙහි අදහස් දැක්වූ සියල්ල ඒ බව දැනගතයුතුය. සුළු ජාතීන්ට වෙනස්කම් කර විදෙස් මැදිහත්වීම් හරහා ජනමත විචාරණ හරහා බෙදු රටවල් ලොවේ පවති. සුඩානය සහ තිමොරය ඒවාය. එවන් අවස්තාවකට රට පත්වුවහොත් ඔය බොරු ජාති ආලයෙන් කොඩි වැනිමෙන් හෝ පපුවට ගසා බේරුම් කළ නොහැක. කළ යුතුවන්නේ ඔවුන් ඉල්ලන සාධාරණය ඉටු කිරීමයි. දැනටමත් අමාරුම ඉල්ලිම වන බෙදුම්වාදයෙන් ඉවත්ව ඇත.
මේ සියලු දෙනා එකතු වෙලා 2015 හංසයා ලබා ගත්තේ වැඩි ඡන්ද 449072ක් පමණි. ඒ තුල ජ.වී.පෙ ඡන්ද ටික තිබුණා. නමුත් මෙවර ඒ ටික මාලිමාවට වැටෙනවා. එවිට වෙනසක් නැති වෙනවා. හංසයා 2015 දිස්ත්‍රික්ක 12ක් දිනුවා. නමුත් මෙවර ගම්පහ, පොළොන්නරුවට දිනන්න බෑ. විශාල වැඩි ඡන්ද ගණනකින් ඒවා මෙවර පොහොට්ටුව දිනනවා. පුත්තලමත් බොහෝවිට පොහොට්ටුව දිනනවා හේතුව පුත්තලම ආසනය හැර අනික් අසන 4ම විශාල වැඩි ඡන්ද ගණනකින් පොහොට්ටුව දිනන නිසා. අනික 2015 මහින්ද දිනපු දිස්ත්‍රික්ක 10 එදා දිනුවේ අඩු. වැඩි ඡන්ද ගානකින් මෙවර ඒවා දිනන්නේ විශාල වැඩි ඡන්ද ගණනකින්. දැනට පවතින සමාජ වටපිටාව හා 21 දා ප්‍රහාරය එක්ක අලුත් ඡන්ද බොහොමයක් හංසයාට ලැබෙන්නේ නෑ. ඒ අනුව තාර්කිකව දිනන කෙනා හිතාගන්න .
TNA ප්‍රකාශනයේ තියෙන්නේ එක්සත්, නොබෙදුණු, බෙදිය නොහැකි, රටක් තුළ කියලා, එතකොට සජිත් මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒකීය රටක කියලා කියන්නේ නැද්ද? ඒකීය සහ එක්සත් කියන්නේ තේරුම් දෙකක්. සජිත් මහත්තයා සිංහල මිනිස්සුන්ව රවට්ටන්න සිංහලෙන් ඒකීය කියලා කියනවා. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ යුනයිටඩ් කියලා. එ්කේ තේරුම එක්සත් කියන එක. බලාගෙන යනකොට සජිත් මහත්තයා සිංහල මිනිස්සුන්වත්, දෙමළ මිනිස්සුන්වත් දෙගොල්ලන්වම රවට්ටන්න යන්නේ. මේ වගේ බොරුකාරයින්ට රැවටෙන්න එපා. සජිත් මහත්තයට කොන්ද පණ තියනවා නම් කියන්න ඕනෑ බලය බෙදන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මිසක් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ නෙවෙයි කියලා...
මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය බලාගන්න පුළුවන් දෙයක්... අරලියගහ මන්දිරයෙන් පෙනෙනවා. මම පහුගිය වසර 6ක් තිස්සේ උදේ සවස අරලියගහ මැදුර ඉදිරිපිටින් යන කෙනෙක්... මහින්ද පරදිනකොට එටිසලාට් ගොඩනැගිල්ලට ලඟම අරලියගහ මන්දිරය තුළ ලොකු ගොඩනැගිල්ලක් ඉදිකර වැඩ 98%ක් ඉවර කර තිබුණා. ඒ වනවිට ඒ සඳහා පලංචි ගසා තිබුනේ. වසර 6ක් තිස්සේ එම ගොඩනැගිල්ලේ වැඩ ඉවර නොකළා පමණක් නොවෙයි අර යකඩ පලංචි අද දක්වාම එලෙසම පවතිනවා. තමන්ගේ නිවාස වත් හරිහැටි පාලනය නොකරන පාලනයක් අපව බලාගනීද?
සජිත් ප්‍රේමදාස දිනුවොත් ඔහු ඔය ගිරිය පුම්බාගෙන කෑ ගහ ගහා දෙන පොරොන්දු එකක්වත් ඔහුගේ තනි තීරණයෙන් දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ මහා පුටුව අත්පත් කරගෙන් සිටින රනිල් වික්‍රමසිංහ ඉඩ නොදෙන්නේය. සජිත් ප්‍රේමදාසට ඔහුගෙන් ගැලවීමක් නැ. රනිල් වික්‍රමසිංහට අපි නොදන්නා හේතුවක් නිසා ඇමෙරිකාව සතුටු කරන්නයි ඕනෑ. ඒ සඳහා ඔහු මංගල සමරවීරත් සම්බන්ධ කරගෙන සිටී. රනිල් වික්‍රමසිංහට ඕනෑ ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් සඳහා ව්‍යවස්ථාවක් ලියා එය සම්මතකරගන්න. මොනයම් බලවත් හේතුවක් නිසා ඇමෙරිකාවට අන්ධ භක්තියකින් වැඩකරන රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාව සමග මිලේනියම් ගිවිසුම අත්සන් කර ඇමෙරිකාවේ හිත දිනාගෙන ඩොලර් මිලියන 480ත් ලබාගැනීමයි ඔහුට උවමනා.....ලංකාවට මොන විනාශයක් උනත් ඔහුටවත් ඔහුගේ සගයාවන මංගල සමරවීරටත් ඒ ගැන කම්පාවීමක් නොමැත.
තව දින කිහිපයකින් ඔය සෑම දෙනාගේම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවනේ. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න. ජනපතිවරණයෙන් පසු තම ප්‍රතිවාදීන්ට හිරිහැර කරන්න එපා. ඔයගොල්ලෝ සියලුදෙනාම ලාංකිකයෝ වගේ වැඩකරන්න. ඔය කවුරු දිනුවත් යස ඉසුරෙන් පිරි ලංකාවක් ඇතිවේ කියලා සිතන්න පුළුවන්ද? ඕනවට වඩා බලාපොරොත්තු ඇතිකරගන්න එපා...
දෙමළ ජාතිය සහ මුස්ලිම්වරු ඔවුන්ගේ අරමුණු උදෙසා එක් මතයකට එක්වේ. අහෝ සිංහල අපි දෙකට තුනට බෙදී අපේ ශක්තිය අහිමිකර ගනිමින් සියලු අයිතීන් අහිමි කර ගනිමින් කුලල් කා ගනිමින් සිටිමු... සිංහල දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් එක අරමුණකට එමු. සිංහල ඡන්දවලින් ආණ්ඩුවක් බිහිකරගෙන කේවල් කිරීම්වලට අසු නොවී සිංහල දෙමළ, මුස්ලිම් හැමෝටම ප්‍රතිලාභ ලැබෙන ලෙස රට සංවර්ධනය කිරීමට මේ අවස්ථාව යොදාගනිමු. දෙමළ හා මුස්ලිම් සහයෝගයෙන් ආණ්ඩුවක් හැදුවොත් ආණ්ඩුවට වෙනවා රට සංවර්ධනය කිරීම වෙනුවට ඔවුන්ව සතුටු කිරීමට බලය රැකගන්නට...