IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ටීඑන්ඒ සහාය කාටදැයි තීරණය ‍මේ සතියේදී

(නිමල කොඩිතුවක්කු)
 
ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට එම සන්ධානය  නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිත හමුවක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට අද(11) පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී රැස්වී කළ සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බවද  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් දෙමළ ජාතික සන්ධානයට වඩාත් විශ්වාසය තැබිය හැකි පුද්ගලයාට ඉදිරි ජනාධිපතිවරණයේදි සහාය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (4)

ටීඑන්ඒ සහාය කාටදැයි තීරණය ‍මේ සතියේදී

Raveendra Friday, 11 October 2019 08:24 AM

කොහොමත් නරින් , හිවලුන් මස් රාත්තලම ගන්නනේ බලන්නේ . හැබැයි ඔයකියන මහා පක්ෂවල "එකෙක්වත්" තම තමන් ඒ ඒ හිවලුන්, නරින් සමග " හා අපි සියල්ල දෙන්නම් " කියල අත්සන් කල ඒ එක ලියවිල්ලක්වත් ඇයි ප්‍රසිද්ධ නොකළේ මහජනතාවට දැනගැනුමට යන්න ගැටලුවකි. ඔය කෑ මොරදෙන සියලුම අයට අප අබියෝග කරනවා පුලුවන්නම් අත්සන් කල ඒ ගිවිසුම් මහජනතාවට එළිකරන ලෙස.

:       0       47

Prabha Friday, 11 October 2019 08:31 AM

අහන්න දෙයක් නැහැ යුඑන්පි යට

:       1       14

MaheeFriday, 11 October 2019 12:49 PM

ඇයි අනික් කට්ටියට වෙන්න බැරිද? බලේට එන්න ඕනෑම දෙයක් කරන අපේ දේශපාලුවෝ ගැන ඔය තරම් විශ්වාසය තියන්න එපා මහත්තයෝ. නිකමට මතක් කරන්න තොන්ඩමන්වරු මහ පක්ෂ නටවපු හැටි, හකීම්ලා කල කී දේවල්. කෙයිසර් විලියම් රජ්ජුරුවෝ පෝලන්තේද කොහෙද එක්ක ගිවිසුමක් ගහලා ඒක කඩලා ඒ රට ආක්‍රමණය කරන ගමන් කිව්වාලු 'ගිවිසුමක් යනු හුදු කඩදාසි කැබැල්ලක් පමණකි' කියලා. මේ දෙගොල්ලන්ගේ හොර ගිවිසුම් අපි කවදාවත් දකින්නේ නැහැ. ඔවුන් අපට ඇත්ත හැටියට පෙන්වන්නේ හුදු කඩදාසි කැබලි පමණකි.

:       3       1

මුණසිංහ Friday, 11 October 2019 09:42 AM

සජිත් දැනට මත් ෙපාෙරාන්දු වෙලා ඉවරයි ඉල්ලන දේ ගෙඩිය පිටින් දෙන්න. ඒක දැක්කා රණ විරු ගාය කතාව දවසේ.

:       317       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 468 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site