IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ටීඑන්ඒ තීරණය අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුව මතයි

(එෆ්.අස්ලම්)

ජනපති අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් දෙමළ ජනතාවගේ අර්බුදයට වන පොරොන්දුව සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

කිසිදු අපේක්ෂකයකු මෙතෙක් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර නොමැති අවස්ථාවක හදිසි වී තීන්දු තීරණ ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් දෙමළ ජාතික සන්ධානයට නොමැති බවද සම්බන්ධන් මහතා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය හා තීරණය පිළිබද අද(13) මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කියා සිටියේය.

"ජනධිපතිවරණය ප්‍රකාශයට පත්කරලා නාමයෝජනා ලැබීමෙන් පසු සියළුම දේශපාලන පක්ෂ සිය මැතිවරණ ව්‍යාපාරය පටන් අරගෙන තියෙනවා. එහෙත් එකදු ප්‍රධාන දේශපාලන බලවේගයක අපේක්ෂකයකු හෝ මෙතෙක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාශයට පත්කරලා නැහැ. මේ නිසා එකපාරම අපිට අපේ සහාය කාටද කියල තීරණය කරන්න බැහැ. අපි කල්පනාකාරීව අවබෝධයකින් යුතුව තීරණයක් ගතයුතුව තිබෙනවා.

ජනාධිපතිවරණයට  ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දෙමළ ජාතික සන්ධානය හමුවුණා. අගමැති රනිල් ඇතුළු එජාප කණ්ඩායමකුත් හමුවුණා. ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් එම්.ඒ.සුමන්තිරන් මහතා සමගින් ජනපතිවරණය ගැන කතා කරල තිබුණා. මේ කිසිදු සාකච්ඡාවක් නිල නොවන ලෙස සිදු වුණේ.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමත් රැස්ව සාකච්ඡා කළා. එහිදී දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථිර විසඳුම් ගෙන ඒමට මැදිහත් වන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඒ බව සහතික කරන අපේක්ෂකයකු හට අපේ සහාය දැක්විය යුතුයි කියන ස්ථාවරයේ සියලු මන්ත්‍රීවරුන් පසුවුණා. ඒ අනුව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ඉදිරි දැක්ම ඒ ඒ අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කිරීමෙන් පසුව අප ඒ ගැන සාකච්ඡා කරනවා.

සජිත් ප්‍රේමදාස,ගෝඨාභය රාජපක්ෂ,අනුර කුමාර දිසානායක යන ප්‍රධාන ජනපති අපේක්ෂකයින් තිදෙනා සමඟින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. ඒ වගේම මේ තාක් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිම අපේක්ෂකයෙක් නිල සාකච්ඡාවක් සඳහා දෙමළ ජාතික සන්ධානයට ඇරයුම් කරල නැහැ" යැයි ද සම්බන්ධන් මහතා කීය.

 



අදහස් (14)

ටීඑන්ඒ තීරණය අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුව මතයි

Prase Sunday, 13 October 2019 07:11 AM

මෙවර කිසිදු යෝජනාවක් නැත.මෙය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයයි. ඔබට කැමති ඕනෑම කෙනෙකුට ඡන්දය දිය හැකිය.ඔබේ ජනතාව ඡන්දය පාවිච්චි කළත් කිසිදු ගැටළුවක් නොමැති නම් ඔබට හෝ ඔබේ ජනතාවට විශේෂත්වයක් ලබා දී නැත.

:       1       86

dinesh Sunday, 13 October 2019 07:37 AM

කවද මෙයා මේ අන්දන්න හදන්නේ ? මේ කලනන්නි හිතන්නේ ලංකාවේ සිංහලයන් කන්නේ පුන්නක්කු කියලද?

:       0       0

kamil Sunday, 13 October 2019 07:50 AM

මේ අයව ගෝඨා, සජිත් දෙන්නම ප්‍රතික්ෂේප කළ යුතුයි .

:       0       39

BamunuarachchiSunday, 13 October 2019 12:34 PM

කොහොමත් සජිත්ව ප්‍රතික්ෂේප කිරීම රටට ආදරය කරන අපි කව්රුත් කල යුතුයි.

:       1       0

YSURU Sunday, 13 October 2019 08:08 AM

මෙයාලගෙත් ඉල්ලීම් සියල්ලටම ගෝ්ඨා එකග වේවි.

:       372       22

BamunuarachchiSunday, 13 October 2019 12:26 PM

මෙන්න ගොබ්බ කතාවක්. ජෙප්පෝ දැනටමත් පොරොන්දුවෙලා ඉවරයි සමතැන් දෙන්න. සජිත් පොරොන්දු වෙලා ඉවරයි බලය බෙදන්න. එතකොට පොලිස් බලතල ඉඩම්බලතල යනවා එවිට ඉතිරිවෙන්නේ අපි වෙනම රාජ්‍යක් කීම පමණයි. එය තේරෙනවාද?

:       1       0

Aris Sunday, 13 October 2019 08:09 AM

දෙමළ ජනතාවගේ වසර 30 ක අර්බුධයට ගෝඨාභය මහතා විසදුම් ලබා දුන්නා. දැන් තියන සුළු සුළු ගැටලු වලටත් එතුමා විසදුම් දේවි. සිතා බලා ඔබේ ජනතාව කැමති පැත්තකට යොමු කරන්න. කෙසේ නමුත් දිනන්නේ ගෝඨාභය මහතා බව මතක තබා ගන්න.

:       91       309

Amila Sunday, 13 October 2019 08:16 AM

තොණ්ඩා පොහොට්ටුවට වගේ මෙයාලා කොහොමත් එජාපෙට තමයි.

:       0       19

KAMALINI Sunday, 13 October 2019 08:51 AM

අමිල ඊළම දීලා හරි ගෝඨා සහ මහින්ද මෙයාලගේ සහය ගන්නවා.

:       0       1

THENUWARA Sunday, 13 October 2019 09:10 AM

සම්බන්දන් මහත්තයෝ ඔන්න තොන්ඩමන් මහත්තයාට ගෝටාභය මහත්තයා 32 දෙන්න පොරොන්දු වෙලා ඔන්න වෙලාව ඊලාම් ගන්න .

:       0       1

Nuwan Sunday, 13 October 2019 10:15 AM

දෙමළ ජනතාවගේ අර්බුදයට? කොහෙද හලෝ දෙමළ ජනයාට අර්බුදයක් තියෙන්නේ? ප්‍රශ්න තියෙන්නේ සිංහලයට.දැක්කනේ හාමුදුරුවන්ගේ දේහයවත් පන්සලට ගේන්න බැහැ.

:       1       88

Adam Sunday, 13 October 2019 10:47 AM

ප්‍රභාකරන්ට ගේම දීපු ගෝඨා මෙයාට නැමෙන්නේ නැහැ.

:       1       14

Bamunuarachchi Sunday, 13 October 2019 12:23 PM

අපිත් බලමු රට පාවාදෙන්න ප්‍රතිපත්ති හදන දෙස්පාලුවා කව්ද කියලා. ජෙප්පොනම් දැනටමත් පොරොන්දුවෙලා ඉවරයි සම තැන දෙන්න.

:       1       0

pakeer Sunday, 13 October 2019 02:45 PM

අර්බුදේ තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ට. ඒක තේරුම් ගන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site