IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඥානසාර හිමි ඇතුළු පිරිසකට එරෙහිව නීතිපති ඉදිරිපත් කළ අභියාචනයක් නිශ්ප‍්‍රභ වෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

තලංගම ප‍්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට කඩාවැදී එහි දේපළ වලට හානි කිරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතීපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය නිශ්ප‍්‍රභ කර ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට අද (30) දැනුම් දුන්නේය.

මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතීපතිවරයා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් එම අභියාචනය නිශ්ප‍්‍රභ කර ඇති බව අධිකරණයෙන් නිකුත් කර තිබූ සිතාසිවලට අනුව අධිකරණයේ පෙනී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනාට විනිසුරුවරයා අභියාචන තීන්දුව පිළිබඳව දැනුම් දුන්නේය.

2008 වසරේ දිනයක තලංගම අරලිය උයන ප‍්‍රදේශයේ ‘කල්වාරී’ ආගමික මධ්‍යස්ථානයට කඩාවැදී එහි දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය එම චෝදනාවෙන් සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළාය.

එම මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර පසු අවස්ථාවක එම ඇපෑල නීතිපතිවරයා විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් එම අභියාචනය නිශ්ප‍්‍රභ කෙරිණි.

ඒ බව දැනුම්දීම සඳහා මෙම නඩුව අධිකරණයේ කැඳවනු ලැබූ අතර අධිකරණයෙන් නිකුත් කර තිබූ සිතාසිවලට අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවෝ 13 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

ඒ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් අභියාචනාධිකරණය මෙම අභියාචනය නිශ්ප‍්‍රභ කොට ඇති බව දැනුම් දුන්නේය.

 



අදහස් (2)

ඥානසාර හිමි ඇතුළු පිරිසකට එරෙහිව නීතිපති ඉදිරිපත් කළ අභියාචනයක් නිශ්ප‍්‍රභ වෙයි

Chanak los angeles Thursday, 30 May 2019 02:36 PM

මරු නීතිය ...

:       0       0

Don Thursday, 30 May 2019 03:06 PM

නීතිය ඉදිරියට ගෙනයෑම උසාවිවල කාලේ නාස්ති කිරීමක්.. සමාව ලැබෙනවා. වැරදිකාරයන් ඔක්කොම සිවුරු පොරවා ගත්තොත් රටම ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site