(පුෂ්පකුමාර ජයරත්න)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාරදුන්හ.
උන්වහන්සේගේ විසින් නාමයෝජනාව කුරුණෑගල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි වෙත අද (19) බාරදෙන ලදී.
මෙවර මහමැතිවරණය සඳහා අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වය යටතේ අපේ ජනබල පක්ෂය තරග වදී.
ඥානසාර හිමියෝ එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නායකයා වශයෙන් කටයුතු කරති.


COMMENTS
ජය වේවා... ජය වේවා...!
හෑ.....? කුරුණෑගලම තෝරා ගත්තේ කාගේ ඡන්ද කඩන්නද හාමුදුරුවනේ? මම දැක්ක මේ ලඟදි හාමුදුරුවෝ කීපනමක් මහින්දට නම්බුපිට විශ්‍රාම යන්න කියනවා. සමහරු කියනව මහින්ද ගෝඨාභයට රට කරන්න දෙන්නේ නැහැලු. නටන්න බැරි වුනහම පොලොව ඇදට පේනවා.
දැන් මෙහෙමද මේ පාර ඡන්දෙට වෙන්න යන්නේ? යන්කො ඔහොම. මම නම් වේදිකාවල කතා කරන්න කැමති නැහැ. හැබැයි අගමැතිතුමා වෙනුවෙන් කුරුණෑගල වේදිකාවට මමත් එනවා. එක ඡන්දයක් අහක යන්න දෙන්නේ නැහැ.
ඔය හාමුදුරුවෝ ගියපාර නයාගෙන් ඡන්දෙ ඉල්ලලා පට්ට පරාජයක් ලැබුවේ... ඔය තව ඉල්ලන් කන්නයි හදන්නේ. අපේ අගමැතිතුමා පරද්දන්න නොර්වේ සල්ලි ගත්තාද? නායක ස්වාමීන් වහන්සේලා කිව්වා නේද ඕවාට සහභාගී වෙන්න එපා කියලා... කොටින්ට කඩේ යන්නද හදන්නේ. මේ පාරත් කනවා ඇප නැතිවෙන්නම..
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාටවත් මේ සිදුවෙමින් පවතින තත්වය තේරුම් අරන් මේ ඡන්දය කල් දැමීම සඳහා හඬක් නගන්න බැරි වුණාද?. හැමෝම බලය ලබාගැනීම සඳහා මේ තරම් දඟලන්නේ මන්ද? තාමත් අපේ මිනිස්සුන්ට මේ වයිරසය ගැන හරි පැහැදීමක් නැහැ. ලංකාවේ මිනිස්සු ගැන පුදුම දුකක් තියෙන්නේ...