IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඥානසාර හිමිට නිදහස් දිනයේ පොදු සමාව දෙන්නැයි ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)       
 
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලබන 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ දී පොදු සමාව ලබා දෙන ලෙසට  පැවිදිහඬ  සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

රට, ජාතිය, ආගම වෙනුවෙන් උන්වහන්සේ සිදු කල කාර්යභාරය පිළිබඳ සළකා බලා මෙම තීරණය ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද පැවදිහඬ  සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

පැවදිහඬ සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී අද (10) පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව  පැවැසූහ.

රටට අහිතකර ප‍්‍රකාශ සිදුකළ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කරනවා වෙනුවට ඇයට අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍යධුරය පිරිනමා  ඇති බවද සඳහන් කළ උන්වහන්සේ ඥාණසාර හිමියන් නිදහස් නොකරන්නේ නම් ඉදිරියේදි දැඩි පියවර ගන්නා බවද සඳහන් කළහ.



අදහස් (6)

ඥානසාර හිමිට නිදහස් දිනයේ පොදු සමාව දෙන්නැයි ඉල්ලයි

සෙනෙවි Thursday, 10 January 2019 01:17 PM

සමාව යන වචනය සමග දැඩි ක්‍රියා මාර්ග යන වචනය එකට යා හැකිද?

:       0       0

Ruwan Thursday, 10 January 2019 02:50 PM

මහබැංකු හොරාට ඇප ලැබුණා නම් ඇයි මේ හාමුදුරුවන්ට ඇප දෙන්නේ නැත්තේ?

:       0       14

Chanak los angeles Thursday, 10 January 2019 03:25 PM

රටට ජාතියට සේවයක් කළානම් එම පුද්ගලයා සිරගත කරන්න නීතියට තිබෙන පිස්සුව කුමක්ද? නිදහස් නොකළොත් දැඩි පියවර ගන්නවා කියා තර්ජනය කිරීම රටේ පවතින නීතියට එරෙහි වීමක් වගේම මෝඩ ප්‍රකාශයක්...

:       0       0

baabu Thursday, 10 January 2019 04:13 PM

මෙයාව නිදහස් කරන්න. හැබැයි උපැවිදි කරලා. මොකද බුද්ධාගමට අපහාස විඳින්න දෙන්න බැහැ.

:       6       0

Prabhath Friday, 11 January 2019 02:33 AM

උන්නාන්සේ වැරැද්දක් කළා නම් ඒකට දඬුවම් විඳින්න ඕනෑ. ඔහොම නෙවෙයි අවුරුදු ගණනාවක් නීතියට සම්මතයට පිටින් කරපු වැඩ පැවිද්දෙකුට නෙවෙයි ගිභියකුටවත් ඔබින්නේ නෑ. නීතියට අනුව තව ටික කලක් හිටපුවාවේ...

:       4       0

Saththaya Friday, 11 January 2019 03:26 AM

කොසොල් රජතුමාගේ 11 වෙනි හීනය :- කොසොල් රජතුමා - ස්වාමිනි මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්... මම දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳගහන මෝරු කලයකට හුවමාරු කරනවා. ස්වාමිනි ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට බුදුරජාණන්වහන්සේ :- "රජතුමනි අනාගතයේදී මගේ ශාසනේ බොහෝ භික්ෂුන් වහන්සේලා ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ධර්මය මුදලට හා අනෙකුත් දේවලට පාවා දීම තමයි මෙම හීනයේ තේරුම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site