IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කළා යැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් ලබන මැයි 13 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියම කළේය.

අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තහනම් කර තිබෙන ප්‍රදේශයක අධිකරණ නියෝග නොතකා ආදාහනයට කටයුතු කිරීම හේතුවෙන් ඥානසාර හිමි ඇතුළු පිරිසට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.

එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර පෙත්සම මෙදින කල් තැබිණි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් බොදුබල සේන සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා , මුලතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා   ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව හබයක් පැවතිණි.මෙම තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබිණි.

තත්ත්වය මෙසේ තිබියදී එම විහාරස්ථානයේ විහාරාධිපති අපවත් විය. උන්වහන්සේගේ දේහය මෙම ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ.මෙම තත්ත්වය තුළ ප්‍රදේශයේ නොසන්සුන්කාරී ස්වභාවයක් උද්ගත වූහ.ප්‍රදේශයේ පාර්ලිමේන්තූ මන්ත්‍රීවරයා වශයෙන් පෙත්සම්කරුද ඊට සහභාගී විය.

කෙසේ නමුත්  මුලතිව් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳව මහේස්ත්‍රාත් උසාවියට සැල කිරීම හේතුවෙන් අධිකරණය අපවත් වූ හිමියන් ගේ දේහය ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහන කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම්කරු එම ස්ථානයේ සිටියදීම ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ අපවත් වූ හිමියන්ගේ දේහය තහනම් කළ ප්‍රදේශයට රැගෙන පැමිණියහ.ඉන්පසු එම ස්ථානයේදී අපවත්වූ හිමියන්ගේ මෘත ශරීරය ආදාහනය කළහ.

මේ ක්‍රියාවෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත.මීට පෙරද ඒ හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී වසර 6  ක සිර දඬුවම් නියම කෙරිණි.පසුව ජනාධිපති සමාව ප්‍රදානය කිරීම හේතුවෙන් නිදහස ලැබිණි.

එබැවින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31212 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13374 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10971 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 74 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 906 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site