
( තිළිණි ද සිල්වා )
වසර හයකට පසු නැවත විදේශ අමාත්‍යාංශයට පැමිණීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බව නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
නව විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේදී රාජකාරී බාර ගැනීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතා මේ බව පැවසීය. නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් දෙපලම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ද හමු වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා කියා සිටියේ ගතවූ වසර දෙක තුළ දී විදේශ අමාත්‍යාංශයට ලබා දුන් නායකත්වය වෙනුවෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශිෂ්ඨ බවත් ,විදේශ අමාත්‍යාංශයේ සියලු කටයුතුවල දී, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ආවේනික ආත්ම ගෞරවය හා කීර්තිය අනතුරට පත් නොවන ආකාරයෙන් කටයුතු කළ බවය.
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මෙම අවස්ථාවේ දී නව අමාත්‍යවරයාට ආශීර්වාද කළහ.

COMMENTS
අත්සන් කරන කොට වැඳ ගෙන ඉන්නේ කවුද ?
එදා සිටම අපේ රට ආපස්සට අරන් ගිය එකටත් සතුටුද .මහජන මුදලින් පඩි ලබමින් අපේ රට අගාදයට අරන් එවුන්ට සාප වේවා
ඔය වෙන රටවල් එක්ක අපේ රටට බලපාන ගිවිසුම් වලට අත්සන් කරන කොට හොඳට ඉංග්‍රීසි භාෂාව දන්නා කෙනෙකුට කියල බලවා ගෙන හරියට ෂුවර් නම් විතරක් අත්සන් කරන්න හිතට ගන්න කියල මම මේ වෙලාවේ ඔන්න කල් ඇතුවම කිව්වා. අර මතකනේ බැන්කින් මුන් ගේ ලියුමට ඕකේ රයිට් කියලා ලියලා අත්සන් කරවල යුද අපරාද චෝදනා ලෙඩකට මේ රට ඇදල දැම්මා . මිනිස්සු දන්නේ නැහැ කියල හිතන්න එපා.
ගුරුවරු ඉහ වහා ගිය සතුටින් ඉන්නව ලු දැන් . ඒ විතරක්ම නෙවෙයි අමාත්‍යාංශ නිලධාරීන් ද සතුටින් ලු.
මුන් ඔක්කොම කොහොමත් සතුටින් තමයි ඉන්නේ. රටේ අනිත් ජනතාවට තමයි ඔක්කොම දුක්.
අධ්‍යාපනේ හිටපු කාලේ මොනවද රටට කලේ ?පින් පඩි තමයි
කාලයක් එජාපයේ ඉඳන් රට කෑවා. එහෙට මෙහෙට පැන පැන පිස්සු නටනවා.
1988 ට පෙර කාලයේ සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ පැරණි තනතුරට යැව්වොත් මෙයටත් වඩා කොතරම් සතුටුවේද.
වැඩ පුලුවන් මහාචාර්යවරයෙක් බව පෙන්නෙ නෑ. රට නියෝජනය කරන විදේශ ඇමති කෙනෙකුට මීට වඩා පණ ඇතුව කථා කිරීමට වගේම පෞරුෂයක් තිබිය යුතුයි. රට සවාරිවලට කැමති බව පෙනුනත් අප රටේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සදහා ශිෂ්‍යත්ව සහ ශ්‍රම බලකායට විදේශ රැකියා අවස්ථා වැනි දේ වගේම රටට වාසිවන දේ කථා කිරීම මේ අයගෙ වැඩ සටහන්වල ඇත්තෙම නෑ. ඉන්දියන්, නේපාල් වැනි අවට රටවල සිසුන්ට ඔස්ට්‍රේලියාව සහ බටහිර බොහෝ රටවලින් ලැබෙන සිසු සහන අපේ අයට නැති බව දැනුවත් අය දන්නවා. අපේ අය වැඩක් කරගන්නෙ ස්ව උත්සාහයෙන්.
මෙයා ඇමරිකාවට ආපු වෙලේ අහපු ප්‍රශ්න වලට උත්තර දීගන්ඩ බැරුව පැනලා ගියා කියලා කියනවා.
ඇති යාන්තම්, අධ්‍යාපනය, අධ්‍යයනය කියන වචන දෙකේ තේරුම හරි ඉගෙන ගන්නද? ලෝකෙවටේ රවුම්ගහන්න ඉඩ ඇරපු එක...