නිමන්ති රණසිංහ
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මාස දෙකක කාලයක් විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරුන් අද (31) කොළඹ ප්‍රධාන ලංකා ජයරත්න මෙනවිය හමුවේ මෝසමකින් කරුණු ඉදිරිපත් කළේය.
ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පුරුව හා ඉන්දියාව යාමට මෙලෙස අවසර ඉල්ලා තිබේ.
එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම හා එම ඉල්ලීම තහවුරු කිරිම සඳහා ලබන 5 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදින තෙක් කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයත් පනින්න වගෙයි