ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජිහාද් සාමාජිකයන් උමං හා බිම් ගෙවල්වලින් එළියට පැමිණ හමුදාවට බාර වෙමින් සිටින බව කුර්දි ප්‍රකාශකයෙක් අද (24) පැවැසීය.
“කලිෆාව” පරාජයට පත් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු එලෙස ජිහාද් සාමාජිකයෝ හමුදාවලට බාරවෙමින් සිටිති.
අයි.එස් ජිහාද් සටන්කාමීන් නැගෙනහිර සිරියාවේ බගූස් ගම්මානයක සිර වී සිටින බව පසුගිය දින කිහිපයේදී වාර්තා විය.
සිරියාව අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් මුදා ගත් බවත් සිරියාවේ අයි.එස්. සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිකුරාදා (22) නිවේදනය කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා අයි.එස්. සංවිධානයේ අවසන් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස නිවේදනය කළේය.
“අයි.එස්. සාමාජිකයන් බිම් ගෙවල් හා උමංවලින් පිටතට පැමිණෙමින් හමුදාවට බාර වෙමින් සිටිනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකායේ ප්‍රකාශකයෙක් කීවේය. ඇමෙරිකාවෙව් සහාය ලබන කුර්දි හමුදා අයි.එස්. ග්‍රහණයේ පැවැති අවසන් ප්‍රදේශත් අල්ලා ගනිමින් සිටින බව තවදුරටත් වාර්තා විය.
ජනවාරි 9 වැනිදායින් පසුව සිවිල් වැසියන් 66,000කට වැඩි පිරිසක් අයි.එස්. සංවිධානය අත්හැර හමුදාවලට බාර වී ඇතැයි සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකාය සඳහන් කළේය.
ඔවුන් අතර ජිහාද් සටන්කාමීන් 5,000ක් වූ බවත් ඔවුන්ගේ ඥාතීන් 24,000 ක් සහ අයි.එස් සටන්කාමීන් සම්බන්ධයක් නොමැති සිවිල් වැසියන් 37,000 එම පිරිස අතර බව වූ පැවැසිණි.
ජිහාද් සටන්කාමීන් යැයි සැක කෙරෙන පිරිස් සහ ජිහාද් සටන්කාමීන් හමුදාව භාරයේ රඳවාගෙන ඇති අතර අනෙක් සිවිල් වැසියන් සියලු දෙනා අවතැන් කඳවුරු වෙත යොමු කර ඇත.
ඒ.එෆ්.පී ඇසුරිනි
055






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වැඩ නොකර ඉඳපන් අම්බරෝ කියන්නේ ඕකට තමයි. ආගම්වල නාමයෙන් බොරු අන්තවාදී කල්ලි හදාගත්තම වෙන ඉරණම තමයි මේක...
මේ මිනීමරු ත්‍රස්තයන් වනසා දැමීම ලොවට කරනු ලබන මහඟු සේවයක්. ඒත්, අපට තියෙන ප්‍රශ්නය නම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය අයි එස් ත්‍රස්තයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයිද යන්නයි. මොකද එතුමියගේ කට ලොක් වෙලා වගෙයි පේන්නේ. ඒත්, ලංකාවේ කොටි මැරිලා බොහෝ කල් වෙලත්, තාමත් ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් දඟලනවා. අයි.එස්ලා වගේම ත්‍රස්ත රැලක් තමයි කොටි හැතිකරයත්.... ඒත්, අයි.එස්ලාට නැති මානව හිමිකම් කොටින්ට.... මේ කොමසාරිස්වරිය ඇතුළු අපට වදදෙන මේ කරදකාරයන් මෙල්ල කිරීමට මෙය අපට ලැබුණු හොඳ තුරුම්පුවක්...
ඇමරිකාව ඊටපස්සේ ඔවුන්ව පාවිච්චි කරනවා. සිරියානු හමුදාවට ප්‍රහාර එල්ල කරන්න. නායකයා හැදුවෙත් ඒ ගොල්ලොනේ...
කවුරු හරි බලනවද අපේ රටෙන් ගියපු ගොයියලත් (ගලේවෙල කට්ටිය වාගේ) බාරවෙච්ච ඇත්තෝ අතරේ ඉන්නවද කියලා...
ඉස්ලාම් ආගම වෙනුවෙන් දිවි පුදන ජිහාඩ් විරුවන් අගය කරමු.
සුබ ආරංචියක් ඔක්කොටම
ඇමරිකාව දැන් ලකුණු දාගන්න හැදුවාට.. එයාලම අයිසිස්කාරයන්ට ආයුද සහ යුද පුහුණුව දුන්නේ, අසාද් පාලනය පෙරලන්න. රුසියාව අන්තිම මොහොතේ ඉදිරිපත්වෙලා අයිසිස්කාරයන්ට වැටෙන්නම ගැහුවා.. ඇමරිකාව ඒකත් කඩාකප්පල් කරන්න හැදුවා, රසායනික අවි ප්‍රහාර චෝදනා එල්ල කරලා, ඊලගට තුර්කිය දම්මලා රුසියන් ජෙට් එකකට ප්‍රහාර එල්ලකරවලා, රුසියාව වෙනත් යුද්දෙකට පටලවන්න හැදුවා .. දැන් මෙයාලා ලකුණු දාගන්න හදනවා , එයාලා සිරියාවට යුද්දේකරන්න උදවුකලා වගේ..