IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


ජිහාද් සාමාජිකයෝ හමුදාවට බාරවෙති

ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ජිහාද් සාමාජිකයන් උමං හා බිම් ගෙවල්වලින් එළියට පැමිණ හමුදාවට බාර වෙමින් සිටින බව කුර්දි ප්‍රකාශකයෙක් අද (24) පැවැසීය. 
 
“කලිෆාව” පරාජයට පත් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසු එලෙස ජිහාද් සාමාජිකයෝ හමුදාවලට බාරවෙමින් සිටිති. 
 
අයි.එස් ජිහාද් සටන්කාමීන් නැගෙනහිර සිරියාවේ බගූස් ගම්මානයක සිර වී සිටින බව පසුගිය දින කිහිපයේදී වාර්තා විය.
 
සිරියාව අයි.එස්. සටන්කාමීන්ගේ ග්‍රහණයෙන් මුදා ගත් බවත් සිරියාවේ අයි.එස්. සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළ බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිකුරාදා (22) නිවේදනය කළේය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා අයි.එස්. සංවිධානයේ අවසන් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුව ඇමෙරිකානු ජනාධිපතිවරයා එලෙස නිවේදනය කළේය. 
 
“අයි.එස්. සාමාජිකයන් බිම් ගෙවල් හා උමංවලින් පිටතට පැමිණෙමින් හමුදාවට බාර වෙමින් සිටිනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකායේ ප්‍රකාශකයෙක් කීවේය. ඇමෙරිකාවෙව් සහාය ලබන කුර්දි හමුදා අයි.එස්. ග්‍රහණයේ පැවැති අවසන් ප්‍රදේශත් අල්ලා ගනිමින් සිටින බව තවදුරටත් වාර්තා විය. 
 
ජනවාරි 9 වැනිදායින් පසුව සිවිල් වැසියන් 66,000කට වැඩි පිරිසක් අයි.එස්. සංවිධානය අත්හැර හමුදාවලට බාර වී ඇතැයි  සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකාය සඳහන් කළේය. 
 
ඔවුන් අතර ජිහාද් සටන්කාමීන් 5,000ක් වූ බවත් ඔවුන්ගේ ඥාතීන් 24,000 ක් සහ අයි.එස් සටන්කාමීන් සම්බන්ධයක් නොමැති සිවිල් වැසියන් 37,000 එම පිරිස අතර බව වූ පැවැසිණි.
ජිහාද් සටන්කාමීන් යැයි සැක කෙරෙන පිරිස් සහ ජිහාද් සටන්කාමීන් හමුදාව භාරයේ රඳවාගෙන ඇති අතර අනෙක් සිවිල් වැසියන් සියලු දෙනා අවතැන් කඳවුරු වෙත යොමු කර ඇත. 
 
ඒ.එෆ්.පී ඇසුරිනි  
055



අදහස් (19)

ජිහාද් සාමාජිකයෝ හමුදාවට බාරවෙති

Jaya Monday, 25 March 2019 01:30 AM

බැරි වැඩ නොකර ඉඳපන් අම්බරෝ කියන්නේ ඕකට තමයි. ආගම්වල නාමයෙන් බොරු අන්තවාදී කල්ලි හදාගත්තම වෙන ඉරණම තමයි මේක...

:       0       575

Sapumal. Monday, 25 March 2019 02:56 AM

මේ මිනීමරු ත්‍රස්තයන් වනසා දැමීම ලොවට කරනු ලබන මහඟු සේවයක්. ඒත්, අපට තියෙන ප්‍රශ්නය නම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය අයි එස් ත්‍රස්තයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයිද යන්නයි. මොකද එතුමියගේ කට ලොක් වෙලා වගෙයි පේන්නේ. ඒත්, ලංකාවේ කොටි මැරිලා බොහෝ කල් වෙලත්, තාමත් ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් දඟලනවා. අයි.එස්ලා වගේම ත්‍රස්ත රැලක් තමයි කොටි හැතිකරයත්.... ඒත්, අයි.එස්ලාට නැති මානව හිමිකම් කොටින්ට.... මේ කොමසාරිස්වරිය ඇතුළු අපට වදදෙන මේ කරදකාරයන් මෙල්ල කිරීමට මෙය අපට ලැබුණු හොඳ තුරුම්පුවක්...

:       0       749

Arjuna Monday, 25 March 2019 03:13 AM

ඇමරිකාව ඊටපස්සේ ඔවුන්ව පාවිච්චි කරනවා. සිරියානු හමුදාවට ප්‍රහාර එල්ල කරන්න. නායකයා හැදුවෙත් ඒ ගොල්ලොනේ...

:       1       132

dakune puravasiya Monday, 25 March 2019 03:43 AM

කවුරු හරි බලනවද අපේ රටෙන් ගියපු ගොයියලත් (ගලේවෙල කට්ටිය වාගේ) බාරවෙච්ච ඇත්තෝ අතරේ ඉන්නවද කියලා...

:       0       133

lal priyanthaMonday, 25 March 2019 04:51 AM

අපේ රටෙන් ගිය අය ඇවිත් විල්පත්තුවේ වැඩ පටන් අරන්.

:       332       514

Rizwan Monday, 25 March 2019 05:37 AM

ඉස්ලාම් ආගම වෙනුවෙන් දිවි පුදන ජිහාඩ් විරුවන් අගය කරමු.

:       1304       252

Sapumal.Monday, 25 March 2019 06:26 AM

මෙයාට වැරදිලා. ඉස්ලාම් ආගම වෙනුවෙන් වෙන්නේ කොහොමද මේ මැරෙන්නේ. මේ හිත් පිත් නැති මිනීමරු ත්‍රස්තවාදීන් මැරෙන්නේ ඔවුන්ගේ තිබෙන ත්‍රස්තවාදය නිසා මිසක් ආගමක් වෙනුවෙන් නොවෙයි. ඉස්ලාම් දහම හොඳින් අදහන අය හොඳ දැහැමි මිනිසුන්. ඒත්, ඔවුන්ගේත් අපෙත් අවාසනාවට මේ ආගම වෙනුවෙන් ත්‍රස්තවාදීන් සටන් වැදුනා. එයින් ඉස්ලාම් දහමට වැදුනේ මරු පහරක්. මේ ත්‍රස්තවාදය නිසා ඉස්ලාම් දහම විනාශ කරපු එකේ ප්‍රතිඵලය තමයි මේ ඔවුන්ගේම දෙවියන් ලබා දෙන්නේ. රිස්වාන්ට මොවුන් වීරයන් උනාට හොඳ ඉස්ලාම් භක්තිකයන් මේ මිනීමරු නිවටයන්ට කිසිසේත් කැමති නැහැ. ඒ වගේම මොවුන් වීරයනුත් නොවෙයි.

:       29       323

sandy123Monday, 25 March 2019 07:35 AM

නියම ප්‍රතිචාරය. ත්‍රස්තවාදියාට ආගමක් හෝ ධර්මයක් නැත. කිසිම ආගමක හෝ ධර්මයක ත්‍රස්තවාදීන් පෝෂණය කරන්න අනුබල දෙන්නේ නැත. ත්‍රස්තවාදියා යනු මගේ දැනුමේ හැටියට සුව කල නොහැකි මානසික ලෙඩෙක්. ආගම හෝ අදහන දහම විශ්වාශ කරන්න. නමුත් අන්ධ භක්තිකයන් මෙන් නොව පියවි සිහියෙන් යතාර්ථය දැක. අදහස් දමනකොට දෙතුන් වරක් කියවන්න. ඒ වෙලාවේම නොවෙයි. ටික වෙලාවකින්. එතකොට තමන්ටම තේරේවි තමන් ලියන අදහස හරිද වැරදිද කියලා. කිසිම දෙයක් ආවේගයෙන් තීරණය කිරීම තරම් මෝඩ කමක් තවත් නැත. මට රිස්වාන්ට කියන්න තියෙන්නේ එච්චරයි.

:       0       188

Sapumal.Monday, 25 March 2019 08:24 AM

සැන්ඩි මහතාගේ අගය කිරීමට මාගේ ස්තුතිය.

:       0       43

NuwanMonday, 25 March 2019 07:34 AM

ඉතින් පොතේ ලියල තියෙන දේට පිටින් යන්න බැනේ ගියොත් කස පාර කාල බෙල්ල කපාගන්නනේ වෙන්නේ.

:       1       114

Bangomunu.Monday, 25 March 2019 10:42 AM

නුවන්ගේ වටහාගැනීමේ දෝෂයක් ඇති බවයි පේන්නේ. අදහස් නැවත කියවා බලන්න. ඕක රෝගයක්. තමන්ගේ මතයට වැදුනා නම්, ගැහුවා මඩ.

:       37       0

smnMonday, 25 March 2019 07:51 AM

මා දන්නා තරමින් බියගුල්ලන් හැංගි හැංගි ගොහින් අහිංසක මිනිසුන් හා දරුදැරියන් මරන්න කියල ඉස්ලාම් ආගමේ කොතැනකවත් කියල නැහැ…... සතුරන් පහර දෙන්නට එනවිට ආත්මාරක්ෂාව වීම සඳහා පමණයි සටන් වදින්න උගන්වල තියෙන්නේ. එක මිනිසකු මැරීම සමස්ත මානව සංහතියම මරා දැමීමට සමාන බවයි ඉස්ලාම් දේශනා කරන්නේ…..Rizwan කියන අය මුස්ලිම් නොවන්නකු බව පැහැදිළියි

:       166       96

NuwanMonday, 25 March 2019 08:47 AM

"අපේ දෙවියෝ හැර වෙන දෙවියෝ නැහැ" කියන වැකියේම අන්තවාදය ජාති වාදය තියෙනවා ඒ නිසා ඔය වැකිය 21 සියවසට ගැලපෙන විදිහට වෙනස් කලානම් ප්‍රශ්න අඩුවේවි. "අපේ දෙවියෝ වගේම තවත් දෙවියෝ ඉන්නවා" කියල දවසට 5 වතාව ආගම කිව්වනම් ඉපදෙන්න ඉන්න ලමයි ඔය බහුබූත පස්සේ යන එක නවතීවි. ඒ වගේම ම්ධ්‍යස්තව හිතන්න පුරුදු වේවි.

:       86       189

NuwanMonday, 25 March 2019 08:50 AM

Rizwan සහ sapumal කියන්නේ එක්කෙනෙකි. කොහොමද ටිකිරි මොලේ?

:       155       21

Sapumal.Monday, 25 March 2019 10:10 AM

ඔබගේ බොළඳ අදහස මා පිළිකුලෙන් ඉවත් කරමි. ඔබ මාගේ අදහස් ගැන දීර්ඝව කියවා නැහැ. මේ දිනවල මා ලියු අයි එස්ලාට විරුද්ධ ලිපි කියවා බලන්න. ඊට පෙර බුදු දහම හා සම්බන්ධ දේ කියවා බලන්න. එවිට මා සිංහල බෞද්ධයෙකු බව ඔබට වැටහේවි. ඒත්,සමහර හොඳ මුස්ලිම්වරුන් ගැන ඔබ නොදත් දේ මා දන්නවා. එයට හේතුව මා ඉපදුනේ බස්නාහිර මුස්ලිම්වරුන් සිටින ප්‍රදේශයක. එබැවින් ඔබට වඩා බොහෝ දේ මා දන්නවා. ආවාට ගියාට මිනිසුන් ගැන තීරණ තීන්දු ගන්න එපා. හදවතට නොව බුද්ධියට තැන දෙන්න.

:       28       25

Sapumal.Monday, 25 March 2019 02:32 PM

නුවන්ට බාගෙට පිස්සු වගෙයි පේන්නේ.

:       0       106

hasan Monday, 25 March 2019 07:36 AM

සුබ ආරංචියක් ඔක්කොටම

:       30       82

sandy123Monday, 25 March 2019 08:42 AM

ඇත්තටම සුභ ආරංචියක්. ත්‍රස්තවාදය කෙලවර වෙනවනම් සාමය ඇතිවෙන එක වලක්වන්න කාටවත් බැහැ. නමුත් එයින් යැපෙන අය එයට ඉඩ දේවිද? පිළිතුරක් නැති පැනයද එයයි.

:       6       27

ප්‍රසන්න Monday, 25 March 2019 09:25 AM

ඇමරිකාව දැන් ලකුණු දාගන්න හැදුවාට.. එයාලම අයිසිස්කාරයන්ට ආයුද සහ යුද පුහුණුව දුන්නේ, අසාද් පාලනය පෙරලන්න. රුසියාව අන්තිම මොහොතේ ඉදිරිපත්වෙලා අයිසිස්කාරයන්ට වැටෙන්නම ගැහුවා.. ඇමරිකාව ඒකත් කඩාකප්පල් කරන්න හැදුවා, රසායනික අවි ප්‍රහාර චෝදනා එල්ල කරලා, ඊලගට තුර්කිය දම්මලා රුසියන් ජෙට් එකකට ප්‍රහාර එල්ලකරවලා, රුසියාව වෙනත් යුද්දෙකට පටලවන්න හැදුවා .. දැන් මෙයාලා ලකුණු දාගන්න හදනවා , එයාලා සිරියාවට යුද්දේකරන්න උදවුකලා වගේ..

:       1       157

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ලංකාදීප පාඨකයන්ට විශේෂ දැනුම් දීමයි
2025 ජනවාරි මස 17 89 0

විජය පුවත්පත් සමාගමේ ‘ඩේලි මිරර් ඔන්ලයින්’ සහ ‘ලංකදීප ඔන්ලයින්‘ වෙබ් අඩවි නම් භාවිත කරමින්, විවිධ ව්‍යාපාරිකයන් පිළිබඳ අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත


දුම්රිය රියදුරු විභාගයෙන් මගීන් පීඩාවට
2025 ජනවාරි මස 17 177 0

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් අද (17) දිනයේ දුම්රිය ගමන්වාර අවලංගු


බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත්
2025 ජනවාරි මස 17 293 0

බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝප


කාදිනල් තුමෝගේ පෙත්සමට දින දෙයි
2025 ජනවාරි මස 17 499 0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදි


විදුලි බිල සියයට 20කින් පහත දමයි
2025 ජනවාරි මස 17 2278 9

විදුලි ගාස්තුව සමස්ත වශයෙන් සියයට 20 කින් අඩු කිරීමට තීරණය කළ බවත් ඇතැම් පාරිභෝගික කණ්ඩවලට සියයට 30 කට වැඩි විදුලි ගාස්තු අඩු වීමක් වන බවත් ශ්‍රී ලංකා මහජ


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2025 ජනවාරි මස 17 321 0

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල සිට කොළඹ ක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 318 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 584 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site