(මුදිතා දයානන්ද)
පාර්ලිමේන්තුව 14 වැනිදා කැඳවීමට නිකුත් කර තිබූ ගැසට් පත්‍රය වහාම ක්‍රියාක්මත කරන්නැයි ඉල්ලා සිටිමට තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (13) රාත්‍රියේම කථානායක හමුවට යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ලංකාදීපයට පැවසීය.
ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
‘‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය දෙසැම්බර් 07 වැනිදා දක්වා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව අනුව එයට පෙර නිකුත් කර ගැසට්ටුව ක්‍රියාත්මක විය යුතුයි.
ඒ අනුව 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ලබාදී තිබූ තින්දුව ක්‍රියාත්මක කරන ලෙස කථානායක වරයාගෙන් ඉල්ලා සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ මන්ත්‍රී කණ්ඩායම දැන් කථානායක හමුවීමට කථානායක නිල නිවසට යනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් හේතුවක් නිසා හෝ අපි නුඹලාට ඡන්දය දෙන්නේ නැත...
දැන් ඉතින් විහිලුවටත් රටපුරා පෝස්ටර් අලවන්නේ නැති වෙයි... ආණ්ඩුව පන්නමු කියලා...
මොවුන් හදන්නේ රනිල් සමග ගසා ඇති ගිවිසුම ක්‍රියාත්මක කරන්නයි...