IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ජවිපෙ‘මන්ත්‍රී වැටුපෙන් අයිඩීඑච්-නීරෝධායන මධ්‍යස්ථානවලට සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය දෙනවා’

(මුදිතා දයානන්ද)

සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් අරමුදලෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා කන්දකාඩුව, පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (18) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

කොරෝනා වෛරසය පැතිරෙන්නේ පක්ෂ පාට ජාති කුල ආගම් භේදයකින් තොරව බවද ඒ නිසා මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනා ද, සෞඛ්‍ය අංශයේ හා මේ ව්‍යසනයේ දී දායක වන අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රධානීන් ද එකතු කරගනිමින් ජාතික වැඩපිළිවෙළකට යාම බවද ඔහු පැවසීය.

එහෙත් මේ දක්වා එවැනි වැඩපිළිවෙළක් සකස් නොවු හෙයින් තම පක්ෂය ලෙස හැකි පමණින් රෝගය මර්දනය කිරිමේ වැඩපිළිවෙළට ස්වයං දායක වීමට තීරණය කළ බවද ඔහු පැවසීය.

රටේ ඇති වුණ සෑම ව්‍යසනයකදීම ජවිපෙ රතු තරුව බළකාය  විපතට පත් ජනතාවට සහන සැලසූ අතර මෙවර ද අවශ්‍යතාවයක් වුවහොත් මැදිහත් වීමට ඔවුන් දැනුවත් කර ඇති බවද ඔහු පැවසීය.

එහෙත් මෙය ගංවතුරක් සුනාමියක් වැනි තත්ත්වයක් නොවන බැවින් සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතියකින් තොරව නිරෝධායන කටයුතු හෝ වෙනත් කාර්යයන් සඳහා දායක විමට තම සාමාජිකයන්ට නොහැකි බවද ටිල්වින් මහතා පැවසීය.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවලත්, අයිඩීඑච් රෝහලේත් අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා ඇඳුම් පැළඳුම් ප්‍රමාණවත් පරිදි නැති බව දැන ගන්නට ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සෑම මන්ත්‍රිවරයකුගේම වැටුප බැරකර සකස් කර තිබෙන මන්ත්‍රී වැටුප් අරමුදල වැය කරමින් අවශ්‍ය කරන ද්‍රව්‍ය හැකි පමණින් ලබාදීමට ඉදිරි දින කීපය තුළ කටයුතු කරන බවද ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (13)

ජවිපෙ‘මන්ත්‍රී වැටුපෙන් අයිඩීඑච්-නීරෝධායන මධ්‍යස්ථානවලට සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය දෙනවා’

MD Wednesday, 18 March 2020 09:14 AM

බෙදන්න ගෙනාපු සනීපාරක්ෂක තුවා ටිකකුත් ඉල්ලගෙන ගියා නම් හොඳයි නේද?

:       6       0

max Wednesday, 18 March 2020 09:20 AM

ඉතා හොඳයි. බොරුවට කෑ මොරදෙමින් රට ගිනි තියන්න උත්සාහ කරනවට වඩා බොහොමත්ම හොඳයි. අපේ ප්‍රණාමය...

:       1       6

Nandalal DE SILVA - France Wednesday, 18 March 2020 09:30 AM

ඉතාමත්ම කාලෝචිත, මානුෂික අදහසක්... මෙම දේශපාලන නායකයා විසින් මුළු රටටම පෙන්වා දී තිබෙනවා..! සමහරවිට ඔවුන් පිරිනමන මේ මුදල සාගරයේ ජල බිංදුවකට සමාන කල හැකි වුණත්, එය ඉතාමත්ම අගය කළයුතු සත්ක්‍රියාවක් බව කිව යුතුයි. මේ උදාර අදහස රටේ ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු ආදීන්ගේ හිත්වලට ඇතුළු වුණොත් රටට එමගින් විශාල සෙතක් ඇතිවෙනවා නියතයි.

:       0       9

p.d goonawardena Wednesday, 18 March 2020 09:37 AM

අපෝ, ඔයගොල්ලන්ට ඔයිට වඩා දෙන්න පුළුවන්... හැම දෙයක්ම නොමිලෙනේ ඔය අයට ලැබෙන්නේ... බොරු නම් හඳුන්නෙත්තිගෙන් අහන්න.

:       8       0

Sanath W A Wednesday, 18 March 2020 09:53 AM

අපගේ ප්‍රණාමය..!!!

:       38       94

අසංක Wednesday, 18 March 2020 10:35 AM

අගය කළ යුතුමයි...

:       0       50

VajiraWednesday, 18 March 2020 11:16 AM

රටට උවදුරක් පැමිණි හැම අවස්ථාවකම ජවිපෙ ජනතාවගේ පිහිටට ආවා. සුනාමි ව්‍යවසනය වෙලාවේ මුහුදුබඩ පළාත් සම්පූර්ණයෙන්ම ගොඩගත්තේ ජවිපෙ මැදිහත් වෙලා. එ්ත් මිනිස්සු ජවිපයට කළගුණ සලකන්නේ නැහැ...

:       0       28

Dinesh Wednesday, 18 March 2020 10:45 AM

ස්තුතියි ඔබට...

:       0       10

Raveendra Wednesday, 18 March 2020 11:00 AM

ඉතාම හොද සත්ක්‍රියාවක්... සියල්ලන්ටම යහපතක්ම වේවා...!!!

:       0       9

විපරමා Wednesday, 18 March 2020 11:33 AM

අරලියගහ මන්දිරයේ දන්සැල් දාපු උදවිය මොනවා කරන්න හිතාගෙන ඉන්නවද කව්ද දන්නේ...?

:       0       2

Bamunuarachchi Wednesday, 18 March 2020 11:49 AM

ඔව්, ඔබලාට එය කරන්න පුළුවන්... ඔබලාගේ සහෝදර සාමාජිකයෙක් වරක් කීවා බාබර් කොන්ඩේ කපන එකේ සිට හැමදේම නොමිලේ ලැබෙනවයි කියලා. හැබැයි අපි දකින විදිහට නොලැබෙන්නේ ඡන්දෙ විතරයි.

:       1       1

Bamunuarachchi Wednesday, 18 March 2020 04:15 PM

දෙන්න බැරුවයැ... ඔය දීමනා වැඩිකළේ අපිට බදු ගහලනේ... ඒ කාලේ කීවද ජනතාවට බදුගහලා ඔහේලාගේ දීමනා වැඩි කරන්න එපා කියලා..? එදා කීවේ නැහැ නේද?

:       17       1

Senevirathne Thursday, 19 March 2020 08:57 AM

බල්ලෝ බුරති තවලම ඉදිරියටම... එපමණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site