(දයාරත්න ඇඹෝගම)
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් ජුලි මස 18,19 යන දෙදින අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අද (10) අනුරාධපුරයේදී පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ උතුරු මැද හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
බි.සි.පෙරේරා වැටුප් විෂමතා කමිටු නිර්දේශය පරිදි වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි 6%ක මුදලක් වෙන් නොකිරීම, 2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීමට එරෙහිව මෙලෙස ජුලි මස18 හා 19 යන දෙදින ලෙඩ නිවාඩු දැමීමට ගුරු සංගම් තීරණය කර ඇතැයි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙහිදී පැවසුවාය.
වැඩිදුරටත් මේ සම්බන්ධයෙන අදහස් දක්වමින් වසන්තා හදපාන්ගොඩ මහත්මිය මෙසේද පැවසුවාය.
‘අපි ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා දිගින් දිගටම සටන් කළා.අපි කිසි අවස්ථාවක ගුරුවරුන්ගේ සටන්, ඉල්ලීම් පවා දීලා නැහැ. සමහර අවස්ථාවල සටනට විරාමයක් දුන්නා. රටේ පැවතුණ තත්වය අනුව සාමය ආරක්ෂා කර ගැනීමට, ඉල්ලීම් දිනා ගැනීම සඳහා දිගින් දිගටම කටයුතු කළා. ගුරු විදුහල්පතිවරුන්ට ගැටළු කිහිපයක් තියෙනවා.
එකක් තමයි වැටුප් විෂමතා ඉවත්කර ගැනීම බි.සි.පෙරේරා වැටුප් විෂමතා වාර්තාව අනුව වසර වසර 22 ක් ගතවුනත් වැටුප් විෂමතා ඉවත් කරලා නැහැ.
අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා බලයට ආවත් මේ දේවල් රජය මෙතෙක් ඉටු කළේ නැහැ. ඒ වාගේම 2016 න් පස්සේ ගුරුවරුන් ලෙස බඳවා ගත් අයට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කළා. 2001 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජය මේ දෙයම එදත් කළා.
පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විශ්‍රාම වැටුප් හිමිකම ගුරුවරුන්ට ලබාදුන්නා. අනිත් කාරණාව ගුරුවරුන් අනවශ්‍ය පීඩනයක් ඇතිකරන මේ ලිපි ලේඛන පිරවීම. පවුල් සෞඛ්‍ය සෙවිකාවකගේ ඉදලා මරණ පරීක්ෂකගේ සියලුම කොළ පුරවන්න ගුරුවරුන්ට සිද්ධවෙලා තිබෙනවා. මේ අනවශ්‍ය කොල පිරවීමෙන් ගුරුවරු නිදහස් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
ගුරුවරුන්ගේ මෙ හඬ යටපත් කරමින් මේ කිසිවකට සවන් නොදී අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට දුෂිත ආකාරයට විවිධ පත්වීම් කර ගෙන යනවා. ඒ සියල්ල නවතා මෙම ඉල්ලීම් හතරවත් ඉටුකර දෙන්න කියලා අපි අධ්‍යාපන ඇමතිවරයා ගෙන් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.
මේ නිසා අපි ජුලි මාසයේ 18 සහ 19 අසනීප නිවාඩු දමා සේවයෙන් බැහැර වීමට තීරණය කර තිබෙනවා.මේ සඳහා සියලු ගුරු වෘත්තීය සංගම්වල සහාය ලැබෙනවා" ඇය මෙහිදී පැවසුවාය.
COMMENTS
අපේ විදුහල්පතිවරු සෘෂිවරුන්ටත් වඩා දක්ෂයෝනේ... බලාගෙන ගියාම.. සතියකට කලින් තමන් අසනීප වෙන බව තමන් දන්නවා... අම්මපා දොස්තරලාගේ රැකියාවටත් "කිඹුලෝ"හඬලයිද කියලත් හිතෙනවා..
ඔය වසන්තාවත්, එයාගේ ගුරු සංගමයවත් ගුරුවරුන් වෙනුවෙන් හෝ විදුහල්පතිවරුන් වෙනුවෙන් කරපු කිසිම දෙයක් නෑ. ඔවුන් කරන්නේ දේශපාලන මහින්දට කඩේ යන එකයි..
ලෝකයේ තියන රටවලින් උතුම්ම රට ලංකාව කියන්නේ මේකනේ... සියලු ශාස්ත්‍රයන්හි කෙලපැමිණි උදවිය තමා මෙහි වසන්නේ. තමන් ලෙඩ වන විත්තිය දන්නේ සතියකට පෙර. ගැහැණු දරුවන් හට අතවර කරන්න උදව් කරන්න දන්නේ, නිසි පරිපාලනයක් නොකර දෙමව්පියන් මරවන්න දන්නේ.., දේශපාලකයින්ගේ ලියුම් වලට පමණක් ළමයින් පාසල්වලට ඇතුළත් කරගන්න දාන්නේ... නිසි පාඨමාලාව නොපවත්වා ළමයින්ව ටියුෂන් යවන්න දන්නේ, මෙම අයට වෛද්‍ය සහතික නිකුත් කරන රට... මෙකී නොකී සැමදේම දන්නා උදවිය ඉන්න රට? ඉස්සෙල්ලාම ඔය නායකයෝ කියන උදවිය ඉදිරිපත් කරන සහතික වෛද්‍ය මඩුල්ලකට ඉදිරිපත්කර සනාථ කරගන්න. හොර සහතික ඇතිනම් නිසි පරිපාලන ක්‍රමවේදයන් අනුගමනය කරන්න.
මොකක්ද මන්දා මල්ලෙන් එළියට පැන්නා.
ගුරුවරු නෙමේ.. දේශපාලන වහල් බත් බැලයෝ.. පිටිපස්සේ ගහගෙන ඉන්නේ කවුද? ගුරුතුමා කියන උතුම් නාමය කෙලෙසමින් කරන මෙම ක්‍රියා තරයේ හෙලා දකිමු.
හරි, මේක තමයි ජ.වි.පෙ ගුරු සංගම් එක්ක කරපු කටුකුටුව... අපේ මේ දේශපාලනයේ කුණකටුවෝ මොවුන් තමා, ළමයින්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරන අෑයෝ, අරගල මොකට මොනවා වුණත් මොවුන්ට මොකෝ?
ගුරුවරු යනු දෙවිවරුය.. ඔවුන් ගමන් කරන්නේ ඉහළින් නිසා බස් ගාස්තු ගමන් වියදම් නැත. ආහාර, මිනිසුන් පූජාකරන නිසා කෑමබීම වියදමක් නැත. ලෙඩ රෝග නොසෑදේ. මඟුල් අවමඟුල් සිදු නොවේ. ඒ නිසා ඔවුන්ට අනෙක් අයට මෙන් කිසිඳු වියදමක් නැති නිසා කිසිදු වැටුපක් හෝ වැටුප් වැඩිවීමක් අවශ්‍ය නැත... ඉහත අදහස් දක්වා ඇති අය දන්නැද්ද ලංකාවේ අඩුම හා අසාධාරණම වැටුප් ලබන්නේ ගුරුවරු බව. හරියට මාසෙ ගෙවාගන්න බැරිව දහ අතේ ණය වෙලා. මේ ඉල්ලන්නේ අනෙක් රාජ්‍ය සේවකයින්ට ලබාදුන් ගුරුවරුන්ට අහිමි කල වැටුප. මතක තියාගන්න ඔය අදහස් දාන හැමෝමත්, රටේ හැමෝමත් ඔතන ඉන්නේ ගුරුවරු නිසා බව. සමහර මාසික බිල් ලියන අයගේ වැටුප රු.100000 (ලක්ෂක්) වගේ වෙනවා. මේසන් බාස් දවසට 2500ක් හොයනවා. ගුරුවරයාට 1000/1200 ක් වගේ.. ලැබෙන්නේ. ජර්මනියේ, පින්ලන්තය වගේ රටවල ගුරුවරු තමයි ඉහළම වැටුප් ලබන්නේ. ඒ නිසා ඒ රටවල අධ්‍යාපනය 100%.