(මහින්ද නිශ්ශංක)
ලබන වසරේ ජූලි පළමු වැනිදා දක්වා මාස හයක කාලය සඳහා බස් ගාස්තු වැඩිවීම ලබා නොගැනීමට තීරණය කර ඇතැයි පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව මෙම මාසයේ සිට සියයට 6 ක් බස් ගාස්තු වැඩි කිරීමට නියමිත බවද ඒ මහතා කීය.
විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙලට සහය දැක්වීමත් පෞද්ගලික බස් කර්මාන්ත දියුණු කිරීමට රජය කටයුතු කිරීම හා බදු සහන ලබාදීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සභාපති සම්පත් මහතා පැවසීය.
COMMENTS
ඔය වහෙන් හොරේ භාෂාවෙන් කියන්නේ මේ ගොල්ලන්ටත් බස්ගාස්තු වැඩි කරන්නත් ඕනෑකමක් තියෙනවා කියලනේ. අපි දන්නේ නැතුව නෙවෙයි ඒ අයගේ වැඩ?
ඇයි බස් ගාස්තු වැඩි කරන්නේ? දැනටමත් පොදුවේ සියලුම බස් රථවල ගාස්තු වැඩිකර ඇති බව බස්රථවල ගමන් ගන්නා සියලුම මගින් නොදන්නවා නොවේ. එය මෙසේයි. 12 ගාස්තුව 13 වී ඇත. 14, 15 යි.19, 20 යි. ඔය ආකාරයට බස් තුනකින් හුවමාරු වෙන මගියෙක් එක ගමනක් යාමට අඩුම වශයෙන් රුපියල් තුනක් එක පැත්තකටත් දෙපැත්තට හයකුත් වශයෙන් අමතරව ගෙවීමක් කරයි. මේ අනුව එක ගමන් වාරයකදී බස් රථයක් රුපියල් 200-300ත් අතර ගාණක් අමතරව සොයා ගනී. මේ අනුව බස් රථයක් දවසකට රුපියල් දහසකට වැඩිමුදලක් මගීන්ගෙන් අය කරන අතර එක බස් රථයකින් මාසයකට රුපියල් තිස්දහසක්වත් අමතරව සොයා ගනී.
මෙයා කවුද බස් ගාස්තු ගැන කතා කරන්න. කොළඔ කතරගම සෙමි බස් කීයක් දුවනවද? ඉස්සරවෙලා මෙයාගෙ සෙමි ටික චෙක් කරන්න වැඩිපුර මගීන් ගෙනයන ඒකට.
ඉන්ධන මිල වැඩි උනා නැතිනම් ඩොලරය වැඩි වී රථ වාහන උපකරණ මිල වැඩි උනෙත් නැතිනම් බස් අයිතිකාරයා පොහොසත් කරන්නද ගාස්තු වැඩි කොරන්නේ?
6% වැඩි කරන්න දෙන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ ජන්දේ ඉවර වෙනකන්.
ඡන්දේ අරන් දීලා. බස් ගාස්තුව දෙගුණ තෙගුණ වෙනකොට ඕකේ එල්ලිලා යන අපේ අයියලා, මල්ලිලා, අක්කලා, නැන්දලාට දෙවි පිහිටයි !
මහා ඡන්දෙ අවසන් වෙනකම් ඉවසලා ඉන්න. ඊට පස්සේ ඕන මගුලක් කරගන්න..