IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජල පීඩන රොකට් තරගාවලියට 6 ක් ජපානයට යති

(මනෝජ් හර්ෂික)

ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් පාසල් සිසු සිසුවියෝ 6 දෙනෙක් ජපානය බලා අද (22) පිටත්ව ගිය බව ආතර් සී.ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධක්ෂක (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි.

ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මගින් 15 වැනි වරටත් සංවිධානය මෙම තරගය ජපානයේ සගමිහාරා නුවර, කනගාවා හිදී හෙට (23) අනිද්දා (24) යන දිනයන්හි දී  පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අභ්‍යවකාශ සහ තාරකා විද්‍යාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙන්ම කේන්ද්‍රීය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය මගින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා සංවිධානය කළ ජාතික ජල රොකට් තරගයෙන් මුල් ස්ථාන දිනාගත් තරගකරුවන් 6 දෙනා  මෙම ජාත්‍යන්තර තරග අවස්ථාව උදාකරගෙන ඇති බව විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

එම තරගකරුවන් පළමු ස්ථානයේ සිට පිළිවෙළින් මඩාටුගම ශ්‍රී රේවත මහා විද්‍යාලයේ කේ. ඩබ්. එස්. ජේ. බී කරඳගොල්ල, කොළඹ ආනන්ද විද්‍යාලයේ ජවිරු පසන්ජිත් ජිනසේන, මාවතගොඩ රිවිසද මධ්‍ය මහා විද්‍යාලයේ ඩී. කේ. ඒ. ඩී. චතුරංග, නුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය,  හලාවත ආනන්ද ජාතික පාසලේ බී. එම්. සචින්ත යශෝමාල් බාලසුරිය, ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ රුමානා රියසත් යන සිසු සිසුවියන් මෙම තරගය සඳහා සහභාගී වෙති.

ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ විද්‍යාව නංවාලීම අරමුණු කරගෙන ආතර් සී ක්ලාක් ආයතනය මීට අවුරුදු 14 කට පෙර ජල රොකට් හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හඳුන්වාදී  තිබේ.

ආතර් සී ක්ලාක් ආයතනය මගින් ජපානය(2005), ඉන්දුනීසියාව(2006), ඉන්දියාව(2007), වියට්නාමය(2008), තායිලන්තය(2009),ඔස්ට්‍රේලියාව(2010),සිංගප්පුරුව(2011),මැලේසියාව(2012),වියට්නාමය(2013),ජපානය(2014),ඉන්දුනීසියාව(2015),පිලිපීනය (2016), ඉන්දියාව(2017) සහ සිංගප්පූරුව (2018) යන රටවල්වල පැවති තරග සඳහා ශ්‍රී ලංකාවෙන් තරගකරුවන් 100 කට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර ජල රොකට් තරග සඳහා සහභාගී කරවා ඇති අතර ඒවායින් සුවිශේෂී ජයග්‍රහණ රැසක් ද හිමි කරගෙන ඇත.

ඒ අනුව 2005 වසරේදී ජපානයේ පැවති තරඟයෙන් 3 වන ස්ථානය දිනා ගැනීමත් 2009 වසරේ දී තායිලන්තයේ පැවති තරගයෙන් 4 වන  සහ 5 වන ස්ථාන දිනා ගැනීමත්, 2015 වසරේ ඉන්දුනීසියාවේ පැවති තරගයෙන් 2 වන ස්ථානය දිනා ගැනීමත්, 2017 වසරේ දී ඉන්දියාවේ පැවති තරගයේ දී සහ 2018 වසරේ සිංගප්පූරුවේ පැවති තරගයේ දී  ප්‍රථම ස්ථාන දිනා ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකිව ලැබී තිබේ.



අදහස් (2)

ජල පීඩන රොකට් තරගාවලියට 6 ක් ජපානයට යති

පිටිගල මිලානෝ Friday, 22 November 2019 10:01 AM

රොකට් කිව්වම මම බයවුණා... බාප්පගේ පිහිටෙන් අරයා තවත් රොකට් එකක් අරින්න හදනවද කියලා...

:       91       123

RaveendraFriday, 22 November 2019 11:28 AM

ඔය බේබිලා ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමකි. අප මේ දුවලා පුතාලාට අපගේ හදවතින්ම සුබ පතමු නේද? පුතාලා, දුවලාට තමන් උපන් මේ අපේ මාතෘභූමියට කීර්තියක් ගෙනඒමට හැකි වේවා !!! සියල්ලන්ටම සුබගමන් !!

:       0       148

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1457 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1309 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site