
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය නවනගරය ප්‍රධාන මාර්ගයේ ජී.පී.ඒස් හන්දිය ජලය ප්‍රවාහනය කරන ප්‍රධාන ජල නළයක් කැඩී දින 2 පමණ කාලයක සිට විශාල ජල ප්‍රමාණයක් අපතේ යන බවට ගමුවාසීහු චෝදනා කරති.
නවනගරය ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජලය සපයන ජල නළය පසුගිය 22 රාත්‍රියේ සිට කැඩී විශාල ජල කඳක් අපතේ යන අතර මේ බව මැදිරිගිරිය ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කර ඇත.
ඒහෙත් මේවනතුරුත් ඒයට නිසි විසඳුමක් ලබා දීමට ඒම ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 8 පමණ මේවනවිට ජලයෙන් යටව පවතී.
ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බැකෝ යන්ත්‍රයක් නොමැති වීම නිසා එය සැකසීමට ප්‍රමාදවන බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය. දි
දින දෙකක් ගතවනතුරුත් අදාල නිළධාරීන් පුද්ගලික බැකෝ යන්ත්‍රයක් ලබා ගෙන හෝ මෙම ජල නළය නැවත සකස් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් විශාල ජල ප්‍රමාණයක් දිවා රෑ අපතේ ගිය බවට ගම්වාසීහු චෝදනා කර සිටියහ.
COMMENTS
රජයේ සේවකයින් පුරුදු වෙලා ඉන්නෙම යමක් කළ නොහැකි හේතු හෙවීමටයි. යමක් කළ හැකි ක්‍රම හොයන එකට හුරුවෙලාම නෑ. මේ අපතේ යන ජලයට යන වියදමෙන් බැකෝ එකක් කුළියට ගන්න තිබුණානේ...!!!
ඔන්න රජයේ සේවකයින්ගේ තරම... කතාකරන කොටනම් දේශප්‍රේමය වැගිරෙනවා...
ලංකාවේ හොර රාජ්‍ය සේවකයෝ. කොයි වෙලේත් වැඩි පඩි ඉල්ලනවා. ඒත් වැඩ නෑ. රට වනසන රාජ්‍ය සේවය.
මෙන්න අපේ ශ්‍රි ලංකාවේ සෞභාග්‍යය...
නඩත්තු කටයුතු සම්බන්ධ අයට බුලත් අතක් දීලා කියන්න ඕනෙද දන්නේ නැහැ. පඩියක් අරන් නේද පවුලේ අයට කන්න දෙන්නේ...? මිනිස්සුන්ගේ දොස් පටිසන් දීලා මුළු පවුලේ අයම ලෙඩ වෙන්න ඉස්සෙල්ලා වැඩ කළොත් හොඳයි. නැතිනම් මුළු පවුලටම දෙවි පිහිටයි.