(රංජිත් රාජපක්ෂ)
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කළ කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතියේ දෙවන දින කාසල්රී ජලාශ ජල පෝෂක ප්‍රදේශයේදී අද (23) ක්‍රියාවට නැංවීය.
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ඊයේ (22) ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානය යොදා ගනිමින් සාර්ථකව සිදු කළේය.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි කෘතිම වැසි ඇති කිරීමේ පේටන් බලපත්‍රය හිමි සමාගමක් මෙම කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යපෘතිය ක්‍රියාවට නංවා තිබේ.
මෙම නියමු ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ වල දින 14 පුරා සිදු කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වැස්සද?
අගල් කියක් වැසි වැටුනද කියන එක වාර්තාවට අඩංගු උනානම් අපිට දැනගන්න තිබුනා මේ ව්‍යාපෘතිය ඵලදායක එකක්ද නැද්ද කියන එක.
පලවෙනි දවසෙනම් හොදට වැස්සා ගොරව ගොරව. කොහොමත් අගල් 30 එහා වැස්සක් වෙන්න ඕන.
මේවා නිකන් කරුවලේ අතගානවා වගේ වැඩ. සමකය අසල තියන අපේ රටේ ඇති තරම් සූර්ය බලය නිපදවන්න හැකියාව ඇතත් ඒවා නොකරන්නේ මොන කරුමයකටද? කොමිස් මදිකමද?
වලාකුළු විතරක් නෙවෙයි.. පීඩනය සහ ආර්ද්‍රතාවය කියන හැමදේම සුදුසු වෙන්න ඕනෑ මේකට... සල්ලි තියෙන රටක් වන ඕස්ට්‍රේලියාවවත් මේවා කරන්නේ කලාතුරකින්, වියදම තරමට ප්‍රතිඵල නැති නිසා...
අපේ රටේ පුල්මුඩේ සිලිකා වැලි තියෙනවා ඒවා අරගෙන සුර්ය පැනල හදල අඩුවට දෙන්න පුළුවන්නේ අපේ රටෙන් එතකොට තෙල් බලාගාර නිසා පිටරටවලට යන සල්ලි අඩු කරගන්න පුළුවන්. කෝ මේ මොලයක් තියෙන එකෙක් නැනේ. ඔක්කොමල කොමිස් වලට තමා වැඩ. ජපානේ වගේ රටකින් අඩුවට ණයක් ගත්තත් කමක් නෑ ප්‍රතිලාබය වැඩිනම්. කොහෙද මේ කඩේ යන අය එක්ක බැනේ.
මහත්වරුනි , ඔබල යෝජනා කරන දේවල් කරන්න බැහැනේ එහෙම කෙරුවහම කොහොමද මණ්ඩලේ ලොක්කන්ට සහ ඇමතිට කොමිස් ලැබන්නෙ කොමිස් නොලැබුනහම ඒ දුප්පත් අය ජිවත්වෙන්නේ කොහොමද ඔයාල අපි විදුලිය නැතුව ඉන්නව වගේද එක.