IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම

(ආරියදාස කොඩිතුවක්කු)

මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (7) මරණීය දණ්ඩනය නියම කළේය.

වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට එරෙහිව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි. 

මෙලෙස මරණ දඬුවම නියම වුයේ මිද්දෙණිය, ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමත්තාටය.

2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ  නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය.

(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)

 

 



අදහස් (9)

ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම

Basnayake Thursday, 07 November 2019 10:10 AM

මේ අයගෙ මරන දඩුවම් අනිවාර්යයෙන් කල යුතුයි එතකොට තමා තවත් අය රගන්න එන් නැති වෙන්නෙ.

:       0       288

A to Z Thursday, 07 November 2019 10:20 AM

ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි.

:       0       55

sachith Thursday, 07 November 2019 10:22 AM

තව ටික දවසයි. ඊට පස්සේ මෙයත් කොළොන්නාවේ ගොයියත් එක්ක එළියේ.

:       234       256

චතුරංග Thursday, 07 November 2019 10:37 AM

හම්බන්තොට කාගේ බලය අරගෙනද මේ මිනී මැරුවේ? අමරේ හිරගෙදර වර්ජනය කරපු වෙලාවෙ ප්‍රශ්නය විසදන්න ගිය කෙනාව අපිටනම් මතකයි.

:       108       20

sirimal Thursday, 07 November 2019 10:59 AM

ඒකාලයේ මේ පුද්ගලයා ඉතාම බලවත් දේශපාලඥයෙකුගේ සමඟ සම්බන්ධකම් පැවැත්වුවා කියල නේද කියන්නේ.

:       108       116

RaveendraThursday, 07 November 2019 12:24 PM

ඒකාලයේ පමණක් නොව දැනුත් සමහර දේශපාලුවන්ගේ ඔඩොක්කුවල හොදින් සැතපෙන මෙවන් නිවටයන් යහමින් ඉන්නවා නොවේද? අපගේ අදහස නම් ඒ කාලේ අය හා මේ කාලේ අයත් කොළ නැති ගහේ නග්ගවන්නම ඕනෑ බවයි.

:       27       96

Mama Thursday, 07 November 2019 12:05 PM

අනුරාධපුරේදී දුන්නු පොරොන්දුව අනුව බයවෙන්න එපා. මල්ලිට කියයි නිදොස් කොට නිදහස් කරන්න කියලා..

:       0       0

ෂේන් Thursday, 07 November 2019 12:15 PM

එදා අනුර වාද පිටියට ඇවිත් දුරකථනයෙන් සම්බන්ධ වුනු මාධ්‍ය ප්‍රකාශකට තද උත්තරයක් දුන්නා මතකයි.

:       11       82

Mahee Thursday, 07 November 2019 12:44 PM

මන්ත්‍රීතුමනි, අපි ඔන්න මල් මාලයකට ඔඩරයකුත් දුන්නා ළඟදීම දිවුරුම් දෙනකොට දාල පිළිගන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2040 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site