මන්නාරම,සවුත්බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 03 ක් (කූරු30) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට නාවික හමුදාව කියයි.
අඟල් 03 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නුල් 19 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 19 ක් සොයා ගෙන ඇති අතර, ඒවා මන්නාරම සිට සවුත් බාර් ප්‍රදේශය දක්වා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 36 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට පත් පුද්ගලයා, යතුරු පැදිය සහ ජෙලට්නයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
(36698)

(ඡායාරූපය නාවික හමුදා මාධ්‍ය ඒකකය )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා..... ඔය අහස්කූරු හදන්න ගෙනාපුවා!
සුළු ජාතීන් වාසයකරන ප්‍රදේශවලම මේ දේවල් හමුවන්නේ අැයි?
ඒ පැත්තේම හමුවෙන හේතුව තමයි ඒ අය උත්සාහ කරනවා මහ ජාතිය වෙන්න...