IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජර්මන් පොඩ්ඩෙක් වෙනුවට පාසල් යන රොබොට්ටෙක්

රෝගී තත්ත්වයක් හේතුවෙන් පාසල් යෑමට නොහැකි නිවසට කොටුවුණු අවුරුදු 7 ක පුංචි පුතකු වෙනුවට පාසල් යන රොබෝවකු ගැන අපූරු පුවතක් ජර්මනියේ බර්ලීන් අගනුවරින් වාර්තා වේ.

ජොෂුවා මාටින්නැංගිලි නමැති මෙම පුතා දරුණු පෙනහළු රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඔහු හුස්ම ගන්නේ ස්වාස නාලයට ඇතුළු කළ බටයක් ආධාරයෙනි. එහෙයින්, ජොෂුවා ට පාසල් ගොස් අධ්‍යාපනය ලැබීමට නොහැකිය. ඔහු නිවසේ සිට පාසල් අධ්‍යාපනය ලබන්නේ ඔහු වෙනුවෙන් පාසලේ ඇති රොබෙට්ටාගේ ආධාරයෙනි.

ජොෂුවා වෙනුවට ඔහුගේ පංති කාමරයේ ඔහුගේ මේසය මත මෙම කුඩා රොබොට්ටා තබා තිබේ. නිවසේ සිටින ජොෂුවා, ඔහුගේ පංතිභාර ගුරුතැමිය සමඟත්, ඔහුට උගන්වන සෙසු ගුරුවරුන් සමඟත් සම්බන්ධ වන්නේ රොබොට්ටා හරහාය.

ගුරුතුමිය උගන්වන දෑ රොබොට්ටාගේ කැමරාවෙන් නිවසේ පරිගණකයට ලැබේ. ස්වාස නාලයට සවි කළ බටය නිසා කතා කිරීමට නොහැකි බැවින්, ජොෂුවා විශේෂ සංඥා ක්‍රමයකට ගුරුතුමිය සමඟ සම්බන්ධ වෙයි. ජොෂුවාගේ පංතියේ යහළු යෙහෙළියන් ද ජොෂුවා සමඟ සම්බන්ධ වන්නේ එම සංඥා ක්‍රමය යොදා ගනිමින් රොබොට්ටා හරහාය.

''පුතාට පංති කාමරයේ සිට අධ්‍යාපනය ලබන්න අමාරුයි. ඒකට විසඳුමක් වුණේ මෙම රොබෝ." යැයි ජොෂුවාගේ මව සිමෝන් පවසයි. ''පංතියේ යාළුවෝ ජොෂුවා එක්ක කතා කරනවා. විහිළු කරනවා. හිනාවෙනවා. ඒ නිසා ජොෂුවාට පංතියේ සිටින හැඟීම ලැබෙනවා. එයා ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්. මේ ආකාරයට ජොෂුවාට විශේෂ අධ්‍යාපනයක් ලබා දෙන්න හැකිවීම සතුටක්" යැයි ජොෂුවා අධ්‍යාපනය ලබන පුට්ස්බ්ලුම් ග්‍රොන්ද්ෂූල් පාසලේ විදුහල්පතිනිය යූත් වින්තර්බර්ග් පැහැදිලි කර තිබේ.

පසුගිය කාලයේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් පාසල් වැසී යද්දී, මර්සා-හෙලර්ඩෝෆ් දිස්ත්‍රික්කයේ නගරසභා බලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් එක් වී සිසුන් වෙනුවට පංති කාමරයේ රොබෝ යන්ත්‍ර තබා ඒවායින් නිවසේ සිටින සිසුන් සහ පංති කාමරයේ සිටින ගුරුවරුන් සම්බන්ධ කිරීමට නව ව්‍යාපෘතියක් සකස් කළේය.

'කොවිඩ් 19' පාලනය වෙද්දී, යළි පාසල් ආරම්භ කළ බැවින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවිණි. කෙසේ නමුත් එය ජොෂුවාට අධ්‍යාපනය ලැබීමට පහසුවක් විය. නව ව්‍යාපෘතිය හරහා ජොෂුවාගේ ජීවිතය වෙනස් කිරීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් වන බව රොබෝ යන්ත්‍ර යොදා ගනිමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ව්‍යපෘතියට සම්බන්ධ අධ්‍යාපනඥ ටොර්ස්ටින් කූහේ පවසා ඇත.

(රොයිටර්)



අදහස් (3)

ජර්මන් පොඩ්ඩෙක් වෙනුවට පාසල් යන රොබොට්ටෙක්

M.H.Deeganatha Saturday, 15 January 2022 02:25 PM

මෙම වාර්තාව මට පෙනෙන විදිහට අප දිවයින තුළ පවත්වන තාක්ෂණ විශ්ව විද්‍යාලවලට හොඳ මග පෙන්මක්... දූපත් මානසිකත්වය, පුහුමත වලින් මනස් කඩා දමන ආගම්වලින් පෝෂණය වුණු සමාජයකට, වෙනසක් අවශ්‍ය නම්, විශේෂයෙන්ම තාක්ෂණ පීඨ පවත්වන විශ්ව විද්‍යාලවල ඇදුරන්ට සිතීමට හොඳ අවස්ථාව මෙම ලිපියෙන් එළි දැක්වෙනවා. නිෂ්පාදන පිරිවැය අධික ලංකාවේ කෘෂි කර්මාන්තයට කොතෙකුත් නව නිර්මාණ එළි දැක්විය හැකිද? වී වගාව, පොල්, එළවලු, පළතුරු (අන්නාසි, ඩ්‍රැගන් ෆෘට්, කෙසෙල්, කටු අනෝදා, දෙළුම්, දොඩම්, මිදි වැනි) වගාවන් වල ජල සම්පාදනයන්ට ආරම්භයක් වශයෙන් නව නිර්මාණ එළි දැක්වීමට සහාය බලාපොරොත්තු වෙමි...

:       2       12

BamunuarachchiSunday, 16 January 2022 06:07 PM

වියත් මගට එකතු උනේ ගොබ්බයෝද? කෝ කරපු වැඩක් නැහැනේ? විශ්ව විද්‍යාලවලින් එලියට ඇවිත් කොරන්නේ විශ්ව විද්‍යාලය පලාතට නොගිය ව්‍යාපාරිකයින් යටතේ රැකියාව කිරීමයි. අපේ ළමයින්ගෙන් වැඩ ගන්නේ පිටරැටියෝ. හොඳ මොළ තිබෙන කොල්ලෝ කෙල්ලෝ තෝරාගෙන හොඳ වැටුප් ගෙවලා මෙහෙ ඉඳන් එහෙ වැඩ ගන්නවා.

:       0       0

Bamunuarachchi Sunday, 16 January 2022 06:01 PM

අනේ පින්සිද්ද වෙනවා අපිට රට පාලනය කරන්න ජනාධිපති රොබෝයි ඇමති රොබෝලා 9 යි එක අගමැති රොබෝ කෙනෙක් ඇතුළුව රොබෝලා 11 විතර හදලා දෙන්න. දේශපාලකයෝ සියලු දෙනාම රටින් තුරන් කරන්න විශේෂයේ ජෙප්පෝ රටින් තුරන් කරන්න රොබෝ බටෑලියන් එකක හදලා දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site