(රංජන් කස්තුරි)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි පොලිය මත අයකළ රඳවා ගැනීමේ බදු සීමාව ඉහළ නංවා තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ගිණුම් වලට ලැබෙන මාසික පොලී ආදායම රුපියල් 125000 දක්වා වන තෙක් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබූ අතර එය පොලී ආදායම රුපියල් 250,000 දක්වා දෙගුණයක් බවට පත්කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්වලට සියයට 5 ක් වන රඳවා ගැනීමේ බද්ද අයකරනු ලබන්නේ මාසික පොලී ආදායම රුපියල් 250,000 වඩා වැඩි වුවහොත් වැඩිවන ප්‍රමාණයට පමණක් වන බවද එම අමාත්‍යාංශය කියයි.
ඇතැම් රාජ්‍ය ආයතන වල හා පෞද්ගලික ආයතන වල සේවකයින් විශ්‍රාම යෝජනා ක්‍රම යටතේ විශ්‍රාම ගන්නා අතර එහිදී ඔවුන්ට ලැබෙන මුදල් ඉතිරිකිරීමේ ගිණුමක තැන්පත් කිරීමට වැඩි අවස්ථාවක් සලසාදීමේ අරමුණින් එම පියවර ගත් බවද මුදල් අමාත්‍යාංශය කියයි.
රඳවා ගැනීමේ නව බදු සීමාවන් අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිවරුන්ගේ ජෝගි නැටුම් වලට බදු මංගලගෙන් බදු මුදල්...
මාසික පොලී ආදායම 250,000 කියන්නේ වසරකට 3,000,000 ක්. බැංකු පොලිය 10% කියා සැලකුවත්, ඒ මුදල වාර්ෂික පොලිය වශයෙන් ලැබෙන්න නම් ගිණුමේ 30,000,000 ක් තිබිය යුතුයි. මෙවැන්නන් විශ්‍රාමික වුනත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වුනත් රටේ ඉහළ ආදායම් ලබන්නන් හැටියට සැලකීම වරදක් නොවේ.
අමතකද මේ බද්ද ඉවත් කලා කියලා.. ආයේමත් ගෙනාවා ඔන්න..
පළමුවෙන්ම ප්‍රතිචාර දැක්වූ සුදත් මහතා හිතාගෙන ඉන්නේ දැන් මේ බදු අයකරන ඛාණ්ඩය සීමාව ඔබ හෝ ඔබගේ හත්මුතු පරම්පරාවේ කෙනෙක්වත් මාසිකව ගන්නේ නැති ආදායමක් ගැන බව දන්නේ නැතුව නේද ??
ඔය දේ තමයි මම මුල සිටම කීවේ. යාන්තම් ඇති
ගැසට්ටුව දකින තෙක් විශ්වාස නොකරමු.
දේශපාලනික මෝඩ වහල්ලුන්ට මේක ලොකු නිව්ස් එකක් වුණාට හරියට බැලුවොත් මේ වත්මන් ආණ්ඩුව මාස ගණනකට කලින් ඔවුන් විසින්ම පනවපු බදු වර්ග ඉවත් කිරීම සහ වෙනස් කිරීම තමයි වෙලා තියෙන්නේ... එහෙම නැතුව අනාදිමත් කලක ඉඳන් තිබ්බ දෙයක් නැති කරලා ජනතාවට දීපු සහනයක් නෙමේ මේක... නමුත් එක දෙයක් පැහැදිලියි... ඡන්දයක් ළඟ එන බව...