IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විශේෂ විමර්ශන ඒකකයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරට සම්බන්ධයෙන් ස්ථාන මාරුකරන ලද වයඹ සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක්කළ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාර එල්ල වූ සමයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර භාරව රාජකාරී කළේය.

පැය හයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා විසිනි.

ඉකුත් අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින අතර පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට විනට චෝදනා එල්ල විය.

ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව නීතිපති වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ලබාදුන් උපදෙස් මත එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම පහළ නිලධාරීන් රාජකාරියේ යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී දැඩිව ප්‍රශ්න කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් හා ස්ථානාධිපතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය චෝදනා පත්‍ර ලබා දීමට නියමිතය.

එලෙස විනය පියවර ගැනීම සඳහා වූ වාර්තාව සැකසීම සඳහා මියගිය අයගේ ඥාතීන් මෙන්ම තුවාල ලැබූ අයගේ ප්‍රකාශ ද ලබා ගත් බවත් ඊට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ ප්‍රකාශ ද ලබා ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

විනය පියවර ගැනීම සඳහා වූ වාර්තාව ඉතා ඉක්මනින් ජාතික පොලිස් කොමිසම වෙත බාර දෙනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (3)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විශේෂ විමර්ශන ඒකකයට

Dayan Monday, 08 July 2019 03:24 PM

පොලිසියට පිටරටින් නිලධාරීන් ගෙන්න වෙයි. මේකනම් ඒ තරම් නුවණ ඇති වැඩක් කියලා මම නම් හිතන්නේ නැහැ...

:       4       5

Raveendra Monday, 08 July 2019 04:51 PM

බිය නොවන්න.. දුප්පත් මිනිසුන්ගේ බදු මුදල්වලින් වැටුප් ලබන මේ නිලධාරියත් හෙට, අනිද්දා වෙනකොට ඔන්න යන්න.... මෙන්න යන්න... ලෙස අසූහාරදාහේ රෝගවලින් පරිපූර්ණ වී රෝදපුටුවෙන්ම රෝහල් ගත වෙනු ඇත..

:       10       68

සේන Tuesday, 09 July 2019 05:26 AM

මේ ඔක්කොම අර විශේෂ කාරක සභා මෙගා නාටකයේම කොටස්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site