IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ 3 ක් පොලිස් දැලේ

(වසන්ත චන්ද්‍රපාල)

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත ජාතික තව්පික් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ  සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලිසිය මගින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තිදෙනා නුවරඑලිය සහ හම්බන්තොට කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්ව විද්‍යාල සිසුවෙකු ගෙන් ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. සැකකරුවන් දෙදෙනෙක් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරුවා ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගෙලිඔය පදිංචි මොහමඩ් මන්සුර් සෙයිපුල්ලාහ් යන අය සහාරන් පැවැත්වූ නුවරඑලිය කඳවුරට සහභාගි වී ඇති අතර අබු සහිඩ් යන අනුවර්ථ නාමය ඔහුට දි තිබේ.

මාවනැල්ල වල්පොලදෙණිය පදිංචි මුස්තාක් අලි අම්හර් අනෙක් සැකකරුවන අතර ඔහු හම්බන්තොට පුහුණු කඳවුරට සහාභාගි වී තිබේ.අබු හින්ද් යන අනුවර්ත නාමය ඔහුට ලබාදි තිබේ.

තානගම මාවනැල්ල පදිංචි මොහම්මදු තාහීර් හිදයතුල්ලා අනෙක් සැකකරු වන අතර සහාරාන් විසින් පැවැත්වු නුවරඑලිය පුහුණු කඳවුරට සහාභාගි වි ඇති අතර ඔහු  ඔලුවිල් අග්නිදිග විශ්ව විදයාලයේ අරාබි පීඨයේ තුන්වෙනි වසරේ සිසුවෙකු බව ආරක්ෂක අංශවලට පවසා තිබේ.

පසුගිය දින කීපය තුළ සහාරන්ගේ ක්‍රියාවන්වලට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර කාර්යාලයේ නිලධාරීන්ට හැකිව තිබේ.ඉන් දෙදෙනෙකු විශ්ව විද්‍යාල සිසුන් බවද වාර්තා වේ.

 

 



අදහස් (4)

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ 3 ක් පොලිස් දැලේ

JAGATH Monday, 05 August 2019 02:05 PM

මහ ලොකුවට කයිය ගැහුවට තවම අල්ලලා ඉවරත් නෑ. අනික අදමයි ඇහුවේ ලංකාවේ අරාබි පීඨ තියෙනවා කියලා, අම්මපා ලංකාවට ගිය කලක්, ඇවිල්ලම බලන්නකෝ මේ සෞදියට ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා... සිංහල පීඨයක් දාගන්නවා කියලා කිව්වත් ඇති අප්පා අත්අඩංගුවට ගන්න.

:       1       104

jagath Monday, 05 August 2019 02:11 PM

රට දෙකඩ නෙමෙයි, තුන්කඩ වෙලා ඉවරයි වගේ, මඩකලපුවේ තියෙන්නේ වෙනමම පාලනයක්, උතුරේ වෙනමම පාලනයක්...

:       1       104

Sugath Tuesday, 06 August 2019 04:13 AM

අසාත් සාලී කියන විදියට අප්‍රේල් 21 ප්‍රහාරය කරේ 8 දෙනෙක්ලු. සමස්ත මුස්ලිම් ජනතාව ඒකට මොකක් කරන්නද කියල අහනවා. එතකොට මේ අල්ලන අය පොල්ගෑවද ? බොරුවට මිනිස්සු රවටන්න එපා. ඉස්ලාම් නීතිය අපේ රටට ගේන්න තමයි තමුන්නාසේලා දඟලන්නෙ. මොකකටද එක රටකට නීති දෙකක්.

:       0       14

Gamarala Tuesday, 06 August 2019 07:36 AM

මේ වචන තුන සිංහල හෝ ඉංගිරිසි නොවෙයි. මට දැනෙනා හැටියට දෙමලත් නොවෙයි. ජනතාවට නොතේරන භාෂා වලින් සංවිධාන හැදීම හෝ ඒවා ලියාපදිංචි කිරීම වහාම නැවත්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site