(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පැවැත් වු සාදයක් අතරතුර අනතුරට ලක්ව සිසුවකු තුවාල ලැබීමේ සිද්ධියක් මුල්කරගෙන ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් 15 දෙනකුට තාවකාලික පන්ති තහනමක් පැන වු බව එම විශ්ව විද්‍යාල පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයනේ විශ්ව විද්‍යාලයේ පාලක සභාව ඒකමතිකව ගත් තීරණයක් අනුව ඊයේ (12) සිට මෙම තාවකාලික පන්ති තහනම පැනවු බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩබලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටින සිසුන් 6 දෙනා ද වන බව උපකුලපතිවරයා කියා සිටියේය.
ඉකුත් (9) දින රාත්‍රියේ පැවැති මෙම සාදය පැවැත්වෙන අතර තුර කිසියම් සිසුවකු ඉහළ මහලේ සිට පඩිපෙළ දිගේ එවා තිබු ටයරයක් ඇගේ වැදී බිම වැටී හිස තුවාල වු සිසුවකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පොලිසිය ද පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජපුර සිසුවාගේ සිද්ධියට සිසුන් 15 දෙනෙකුට පන්ති තහනමක්
anura Friday, 13 March 2020 01:14 PM
පන්ති තහනම එච්චර ඇඟට වදින එකක් නැහැ. හේතුව දැන් කෝරෝනා නිසා සියළුම ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් වෙලානේ තියෙන්නේ.
Raveendra Friday, 13 March 2020 01:54 PM
මෙම මෙලෙච්ඡයින්ට " තාවකාලික " පන්ති තහනමක්? ඒ කියන්නේ මෙම මුර්ගයින්ට ඉදිරි අනාගතයේදී සරසවිවලට ඇතුළුවීමේ හැකියාව පවතිනවා යන්නද? එමගින් ගම්‍ය වන්නේ මෙම පාපතරයින්ගේ නිවට ක්‍රියාවන්වලට පාලන අධිකාරිය විසින් අනුබල දෙනවා නොවේද?
Wigton de Silva Friday, 13 March 2020 04:43 PM
විශ්ව විදාලයන්හි හොඳළමයි බොහෝ වැඩියි. නමුත් අතළොස්සකගේ ප්‍රචණ්ඩත්වයට ඔවුන්ට කරකියා ගන්නට දෙයක් නැත. අවුරුදු 30ක යුද්ධයට විසඳුමක් දුන්නාසේ මෙයටත් කාලීනව සිතාබලා යහපත් දෙයක් කරන්න ජනපතිතුමනි... ඔබගේ මේ සීමිත කාලයේදී මෙයට විසඳුමක් නොලැබුණොත් මේ ගැන ඉදිරි නායකයින් නොබලනු ඇත. එදා රජකාලයේ ඒ දඬුවම ලැබුනේ අහිංසකයින්ට නමුත් එය ගැලපෙන්නේ අදට මෙවැනි නරුමයින්ටයි..
RaveendraSaturday, 14 March 2020 03:29 AM
අප ඔබගේ අදහස් අගයන්නෙමු. කවුරු විරුද්ධ වුණත් අපගේ මෙම අදහස්වලට අප නම් ඍජුවම සඳහන් කරන්නේ තිරිසනුන්ට තිරිසනුන් ලෙස මෙන්ම මිනිසුන්ට මිනිසුන් ලෙස සලකන න්‍යාය මෙහිදී තදින්ම අනුගමනය කළයුතු බවයි. එබැවින් මෙම තිරිසනුන් මෝඩ කළුකුමාරයාගේ කට්ටියද, ගුණරත්නම්ගේ බෝලකාරයින්ද, ජෙප්පන්ද පෙරටුගාමීන්ද, අගතිගාමීන්ද, අරටුගාමීන්ද, ගගනගාමීන්ද යන්න කිසිඳු වැදගත්කමක් නැත "මෙම තිරිසනුන් මරා දැමිය යුතුයි" යන්න අප නොබියව සඳහන් කරන්නෙමු. තමන් උපන් රටට ආදරය නැති, තම යුතුකම්, තම වගකීම් අමතක කර අනිකාට කරදරයක් ලෙස හැසිරෙන මෙවන් අය සමාජයෙන් අයින් කළ යුතුයි. එහි කිසිඳු පවක් නොමැත. පිනක් පමණි මක්නිසාදයත් එමගින් අප සමාජයට මහඟු සේවයක් වනු නියතයි. මේවා සමාජයට භයානක පිලිලයන්ය. කලුකුමාරයා, ගුණරත්නම් ප්‍රමුඛ මොවුන් දුටු තැන මිනිසුන් විසින් විරෝධය දක්වා ප්‍රතික්ෂේප කළ යුතුයි යන්න අප තරයේ විශ්වාස කරන්නෙමු. අපගේ මාතෘභූමියට හොඳක් මෙන්ම යහපතක්ම වේවා යන්න අපගේ එකම පැතුමයි.!!!