IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජපුර සරසවියේ සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදුන් බව කියන එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටවූ බව උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා පැවැසීය.

නවකවදයට විරෝධය දැක්වීමක් සම්බන්ධයෙන් එම සිසුවාට පහරදී තිබෙන බවද උපකුලපතිවරයා කීය.

මේ අතර විශ්වවිද්‍යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා සඳහන් කළේය.



අදහස් (8)

ජපුර සරසවියේ සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

dias Wednesday, 12 June 2019 01:00 PM

මෙවැනි අයගේ ශිෂ්‍යභාවය සදාකාලිකව අත්හිටවිය යුතුයි. නවක වදය තවමත් සරසවි වල පවතින්නේ මෙවැනි විනය කඩ කිරීම් වලට නිසි දඬුවම් නොදීමයි.

:       1       111

maheshika Wednesday, 12 June 2019 01:14 PM

තාවකාලිකව නොවේ සදහටම අහෝසි කරන්න. දැඩි නීති නැත්නම් ඔය අය රටේ ලොකු පුටුවලට ආපු දවසට රටම ඉවරයි.

:       1       76

sas Wednesday, 12 June 2019 01:30 PM

ඔය දාමරිකයන්ව සදහටම විශ්වවිද්‍යාලෙන් නෙරපා දැමිය යුතුය.

:       1       61

ranjith Wednesday, 12 June 2019 02:22 PM

විශ්වවිද්‍යාලවල මේ වගේ දාමරිකයන් විශ්වවිද්‍යාල වලින් නෙරපන්න කටුතු කිරීම සුදුසුයි.

:       1       71

Raveendra Wednesday, 12 June 2019 02:23 PM

වෙන්න බැහැ..වෙන්න බැහැ. මේක මේ මහාචාර්ය වරයාගේ බොරුවක් වෙන්නම ඕනේ. මොකද මේ තුන් ලෝකෙම තියෙන දැනුම් සම්භාරයම තිබෙන මෙවන් උගත්, බුද්ධිමත් දරුවන් එහෙම තුට්ටුදෙකේ වැරදි කරයි ද? මෙම මහාචාර්යවරයාගේ බේගල් නිසා අසරණම අසරණ කුරා කූඹියෙකුටවත් වරදක් නොකරන මේ දරුවන් කීපදෙනාගේ අනාගතේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්නයි මේ යන්නේ... ඉරිසියාව ඉරිසියාව වෙන මුකුත් නැහැ...

:       94       44

samantha wijesuriya - colombo Wednesday, 12 June 2019 03:47 PM

කොළඹ සරසවියේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙත් ඔය මානසික ලෙඩ්ඩු තවමත් නවක වදය දෙනවාලු. දැන් නම් නවකයින්ගේ සීමාව ඉක්මවා ගිහින් බව ආරංචියි. නවකයින් කිහිපදෙනෙක්ම වධකයින්ට විරුද්ධව එළිපිටම චැලේන්ජ් කරනවාලු."පිස්තෝලයක් ගෙනත් හය හත් දෙනෙක්ව එලොව ඇරලා මාත් මැරෙනවා බං.." කියපු නවකයෙක් ගැනත් ආරංචියි. විශ්ව විද්‍යාලයේ සිටින පාලක මණ්ඩලයටයි මේ කියන්නේ... අපේ දරුවෙකුට එහෙම ඔය මොලේ අමාරුවෙන් පෙලෙන පිස්සෙක් අතක්වත් තියලා තිබුනොත්.. එදාට අපි දෙමව්පියෝ ඔය විශ්ව විද්‍යාලය ඇතුළට කඩා වැදිලා නවකවදය දෙන " වධකයින් " වද දීලාම එලොව යවන බව හොඳට මතක තියාගන්න. ඒ වගේමයි වධකයින්ගේ දෙමව්පියන් හඬා වැලපෙන තත්වයට පත් කිරීමට කලින් මේ අමන පාලක මණ්ඩලය වහාම ක්‍රියා මාර්ගයක් ගතයුතුයි. ඔබට පිස්සන්ව විශ්ව විද්‍යාලයෙන් එළවීමට නොහැකි නම්.. අපි පිස්සන්ව මේ ලෝකයෙන්ම තුරන් කරලා දමන්න සූදානම්....

:       19       263

සේනක Wednesday, 12 June 2019 07:20 PM

මේවට වැඩියෙන්ම සම්බන්ධ වෙන්නෙ, ඔය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියලා කියා ගන්නා අය ටිකයි. ඒ නිසා මුලින්ම කරන්න ඕනි මේ සංවිධානය තහනම් කරලා දාන්න.

:       0       1

Bimal Thursday, 13 June 2019 09:26 AM

නවකවදය යනු හීනමානයයි. තමන්ට නැති සමාජ තත්වයක් , ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් හෝ නගරබද පාසලක යමෙකු දැක්කොත් මේ තත්වය බලා ගත හැකියි. මේ මානසික රෝගය අඩු වශයෙන් රැකියාවක් කරද්දී රාජකාරි කරන තැනවත් අන්තිමේ මැඩ පවත්වා ගත නොහැකිය. එතනත් තමන් සමග එකට වැඩ කරන උදවියට කල හැකි සියලුම කරදර කරයි. එම නිසා මේ නවකවදකාරයන්ගේ මව්පියන් තමන්ගේ ළමුන් හික්මවීම , උප කුලපතිට පොලිසියට උසාවියට හෝ සමාජයට භාර නොකර තමන්ම කරන්න. තමන්ගේ දරුවා උගතෙකු මිස මානසික ලෙඩෙකු නොකර සමාජගත කිරීමේ වගකීම ඔබ සතුයි. මේවාට පවතින සමාජ ක්‍රමය , ආණ්ඩුව හෝ රටේ ආර්ථිකය නිදහසට හේතු නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 248 0

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 397 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 380 0

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2578 2

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 336 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 268 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1257 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site