IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ජ’පුර සරසවියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පිංකම්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කර 60 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සර්වරාත්‍රික පිරිත් දේශනයක් හා භික්ෂූන් වහන්සේලා 145නමක් වෙනුවෙන් සපිරිකර දක්ෂිණාවක් එම විශ්වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලවේදී පැවැත්විණි.

 
එම දානමය පිංකමේදී විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් ගල්කිස්ස බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සී නා හිමියන් වෙත පිරිකර පිළිගැන් වූ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.
 
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (2)

ජ’පුර සරසවියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පිංකම්

Professor M. Edward Perera Monday, 18 February 2019 11:14 PM

උසස් අධ්‍යාපනයේ "අයන්න" "ආයන්න" කියන්න මා ගියේ විදුදය මෑණියන් වෙතටයි. 1964 වසරේදී මා ඈගේ දරුවෙක් බවට පත්වෙන විට දැනුන සතුට අදටත් මගේ මතකයේ රැඳී තිබෙනවා. ඒ කාලේ අපට හිටියේ දඟකාර අයියලා ටිකක්. නවක වධයේ මුවාවෙන් සැරෙන් කතා කළත් ගීත ගයන්න මට තරමක හැකියාවක් තිබුන නිසා යාලුවෙන්න ගතවුනේ ටික කාලයයි. පළමු වසරේ විෂයන් සඳහා මා මානව විද්‍යාව, ආර්තික විද්‍යාව හා භූගෝල විද්‍යාව තෝරා ගත් නමුත් කුමක් හෝ අහේතුවකට මා මානව විද්‍යාව තෝරා ගැනීම පිලිබඳ විරුධත්වයක් පළ වුණා. ඊට අවනත නොවූ මා ඒ විෂය දිගටම ඉගෙන ගත් නිසා, 1967 දී මානව විද්‍යා අංශයෙන් බිහිවූ ප්‍රථම කථිකාචාර්ය වරයා මෙන්ම ළාබාලම කථිකාචාර්ය වරයා බවටත් පත් වුනා. ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හට ඔහුගේ පළමු වසරේ මානව විද්‍යා ගුරුවරයෙක් වන්න හැකිවීම මා ලැබූ ගෞරවයක්. මාගෙන් ඉගෙනුම ලැබූ සිසුන් 5 දෙනෙක් මහාචාර්ය පදවි ලැබීමත් සුවිශේෂී දෙයක් ලෙස මා සලකනවා. බාහිර සිසුවියන්ට විදුදය ඇතුළට ඒමට රහසින් මා දියත් කළ වැඩ පිළිවෙල අදටත් රහසක්.පණ්ඩිත් අමරදේව බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස පත් කර දෙනමෙන් උපකුලපති රාහුල හිමියන්ගෙන් කළ ඉල්ලීම සපළවීමද නොමැකෙන මතක සටහනක්.

:       3       22

vidya Tuesday, 19 February 2019 04:25 AM

විදුදය සරසවියටත් , හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි පාණන් වහන්සේටත් , මහත් පරිශ්‍රමයක් දැරූ වල්පොල රාහුල මාහිමි පාණන් වහන්සේටත් මගේ ගෞරවාන්විත උත්තමාචාරය . දැන් වත් සුමන්ගලේ අයිනේ තියන ශ්‍රී රාහුල හිමියන්ගේ පිළිමයට පහනක් දල්වලා දවසට තුන් සැරයක් වදින්න....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 147 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 226 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1087 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site