IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජපාන අගමැති යොෂිහිඩේ සුගා

ජපානයේ හිටපු ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිඩේ සුගා මහතා අද (16)  නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.

ජපානයේ වැඩි ම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ ෂින්සෝ අබේ මහතා දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමඟ, ජපාන අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු විය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ එරට පාලක පක්ෂයේ නායකයාට ය. ෂින්සෝ අබේ මහතා ඉකුත් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වූයේය.

ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා තෝරාගැනීම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් පැවැත්විණි. එහිදි පහසු ජයක් අත්පත් කරගැනීමට යොෂිහිඩේ සුගා මහතා සමත් විය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීම සඳහා ජපාන පාර්ලිමේන්තුවේ ද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එයින් ද පහසු ජයක් ලබාගැනීමට සුගා මහතා සමත් වූයේය. ජපාන පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ය.

යොෂිහිඩේ සුගා මේ වනවිට 71 වැනි වියේ පසුවෙයි. ෂින්සෝ අබේ මහතා ඔහුගේ ධුර කාලයේදී අනුගමනය කළ විදෙස් සහ ආර්ථික ඇතුළු ප්‍රතිපත්ති අනුගමනය කරන බව ට ද සුගා ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව සිය නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට ද සුගා පියවර ගත්තේ ය. ඇතැම් අමාත්‍යවරුන්ට ඔවුන් කලින් හෙබ වූ අමාත්‍ය ධුර හිමි ව තිබේ. ඒ අතර විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සහ මුදල් අමාත්‍ය තාරෝ අසෝ යන මහත්වරු ද වෙති.

ෂින්සෝ අබේගේ සොහොයුරා වන නොබුවෝ කිෂි ජපානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වූයේය. නොබුවෝ කිෂි උපන් අවස්ථාවේදීම, අබේගේ මවගේ පාර්ශවයේ ඥාතී මාමා කෙනකු ඔහු හදාවඩා ගෙන ඇති අතර නොබුවෝ කිෂිට ඇත්තේ එම මාමාගේ වාස ගම ය. මීට පෙර ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබ වූ තාරෝ කොනෝ මහතා නව පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස තේරී පත්වී ඇත.

නව අග්‍රාමාත්‍ය සුගා, ෂින්සෝ අබේගේ ප්‍රතිපත්ති අනුගමනය කළ ද ඔහු ඉදිරියේදී වෙනස්කම් කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

(ඒ.එෆ්.පී.)

055

 



අදහස් (1)

ජපාන අගමැති යොෂිහිඩේ සුගා

විජේ Thursday, 17 September 2020 04:38 AM

ඒකට අපේ ඉන්න අබේලා, සුගාලා. බැල්ම දාගෙන ඉන්නෙ බලේට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site