IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපානයේ ඉන්ධන වංචාවකට ලාංකිකයකු අත්අඩංගුවට

( තිළිණි ද සිල්වා )

ජපානයෙන් මිලියන 4.2ක වටිනාකමකින් යුතු ඉන්ධන තොගයක් වංචනික ලෙස මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී  ලාංකිකයකු ජපානයේ ටෝකියෝ නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ  20 හැවිරිදි ලාංකික තරුණයකු යැයි ද සඳහන් වේ.

මෙම ශ්‍රී ලාංකිකයා තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ එක්ව වෙනත් පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් වංචනික ලෙස යොදා ගනිමින් මෙම වංචාව සිදුකර ඇති බව ටෝකියෝ පොලිසීය විසින් හෙළිකර ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

සැකකාර ලාංකිකයා ඇතුළු පිරිස ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දී එරට ඉබාරකී ප්‍රදේශයේ ඉන්ධන හල්වලින් ඉන්ධන ලීටර් 40,000ක පමණ ප්‍රමාණයක් වංචනික ලෙස ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ටෝකියෝ පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඔවුන් විවිධ අවස්ථාවලදී එම පළාතේ පිහිටි ඉන්ධනහල් 10 කින් ජපනයෙන් මිලියන 4කට අධික වටිනාකමකින් යුතු ඉන්ධන තොගයක් ලබාගෙන ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (2)

ජපානයේ ඉන්ධන වංචාවකට ලාංකිකයකු අත්අඩංගුවට

saman gunawardana Monday, 17 February 2020 11:43 AM

එක්කෙනෙක් නෙමෙයි තුන්දෙනෙක් ඉන්නවා. තව ජයටම කර ගෙන ගිය අයත් ඉන්නවා. නොදන්නා දේවල් නොකරන් අබරෝ කියන්නේ මේවාට තමයි . අද ඊයේ ඇවිත් කොහොමද භාෂාවක්වත් නොදැන කරන වැඩ.

:       0       0

Turio Monday, 17 February 2020 03:17 PM

හරිම ආඩම්බරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 148 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site