(අංජුල මහික වීරරත්න)
ජන දුක දකින විට තම හදවත කම්පා වන අතර තමන්ගේ ජන දුක නහර හොඳින් ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තම ප්‍රතිවාදීන්ට ජන දුක නහර නොමැති නිසා ජනතාව ඔවුන්ට දුක පවසන විට ඔවුන්ගේ ප්‍රතිපත්තිය වන්නේ දුක පවසන ජනතාව වනසා දැමීම යැයි ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
නොවැම්බර් මාසයේ දී ජනතා තීන්දුව ගන්නා බව ජනදුක හඳුනන නහර තිබෙන්නේ කාටද? නැත්තේ කාටද යන්න හොඳින් විමසා තීන්දු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ජනතාව මුහුණ දෙන අධික ජිවන වියදම් ගැටලුවට විසඳුම් දීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් හෝ ප්‍රකාශයක් ප්‍රකාශයක් බලයට පැමිණිමට බලා සිටින කිසිවකු මෙතෙක් ප්‍රකාශ කර නැති බව කී ප්‍රේමදාස මහතා රටේ ජනතාවගේ 70 % කට වැඩි පිරිසක් මුහුණ දෙන ජීවන වියදම් ගැටලුව විසඳීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළ තමා සතු බවද පැවසීය.
COMMENTS
පොදුජන දුක නැති කරන්න ඔබතුමාගේ පියතුමාටත් බැරිවෙච්ච එකේ ඔබතුමා නැතිකරයි කියලා කොහොමද හිතන්නේ.. අනික ඔබතුමා කිසිම ජාතික තලයේ ආර්ථික සැලසුමක්වත් ඉදිරිපත් කරලා නැහැනේ...
ජනතාව දුකෙන් ඉන්න තරමට තමයි මේ අයට හොඳ...
දන්නෝ දනිති ....
මොන නහර වැඩ කරත් අක්‍රීයයි කියලා තමයි කියන්න තියෙන්නේ..! ළමයෙක් නැති මිනිසෙකුට රටක් බාරදීම නුසුදුසුයි..
දකුණු ඉන්දියානු චිත්‍රපටි තිරපිටපතකට හොඳ කතාව..
මේ ඔක්කොම වැදි බණ .
අපේ රටේ සංවර්ධනය සහ අනෙකුත් කටයුතු වලට බලපෑ කාරණයක් වන්නේ නොගැළපෙන අය රට පාලනය කිරිීමයි.අපි තීරණය කළ යුතු වන්නේ ඉදිරියටත් එවැනි පාලකයින් ඇති නොකිරීමට කටයුතු කිරිමයි.වගකීමෙන් කියන්නේ.
එ.ජා.ප.ය තුළ ප්‍රේමදාස පවුලේ ඉතිහාසය කියවිය හැක්කේ කෙසේද? 1956 දී එ.ජා.ප.ය ආසන අටට කඩා වැටුණු පසු එය යළි ගොඩගැනීමේ සටනට රණසිංහ ප්‍රේමදාස දැවැන්ත වැඩකොටසක් ඉටු කළේය.එවකට රදළ පැලැන්තියේ උරුමයක්ව පැවැති එ.ජා.ප.යේ නායකයින් ප්‍රේමදාස වැන්නවුන්ට තැනක් ලබාදීමට අකමැතිවූ කාලයක ප්‍රේමදාස එම කෙනෙහිලිකම් ඉවසා දරාගෙන දැඩි කැපවීමකින් රට පුරා යමින් පක්ෂය යලි දිනවීමට ක්‍රියා කළේය.1977 දී හයෙන් පහක බලයක් ලබාගත් ජේ.ආර්.ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු කරපිට හිඳුවාගෙන රටවටා ගෙනගිය ප්‍රේමදාස නිරතුරුව වැඩකර පෙන්වමින්1978දි අගමැති කම ලබාගත්තේ ජේ.ආර්. බිත්තියට හිරකොට තබමිනි. පියාගේ අඩිපාරේ යන්නට දේශපාලනයට එක්වූ බව කියන සජිත් ප්‍රේමදාස කරන්නේ කුමක්ද? පියාගේ කාර්යශූරත්වය,කැපවීම,අධිශ්ඨානය සජිත්ට පිහිටා නැත.රටපුරා යනවා තබා හම්බන්තොටින් පිටතට අඩියක් නොතිබූ ඔහු කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගැනීමට උත්සාහ කරමින් පක්ෂය විනාශ මුඛයට අද දැමීම නොවේද? අර දින 52 දී පැත්ත පළාතක නොහිටි ඔහු ගැන කවුරුත් දන්නවා ඇත.
එතකොට ලැජ්ජා නහරේ...?