(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමේ නාමයෝජනා අද (19) කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයාට බාරදීම සිදුවිය.
කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ උප නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරු එම අවස්ථාවට පැමිණ සිටියහ.


COMMENTS
අන්තිමේදී උගත් පළපුරුදු අනුර ප්‍රියදර්ශනලා පැත්තකට විසිවෙලා අටපාස් අය නායකයෝ වූනා. කෝ වියත්මග දානවා කියපු අලුත් මුහුණු ?
ඔය වියත්මගේ ඉදිරියෙන්ම ඉන්නේ ජොන්ස්ටන්, රෝහිත, ප්‍රසන්න, වගේ ප්‍රාමාණික බුද්ධිමතුන් නොවෙයි නේද.?
සනත් මහත්මය මොන වියත්මගක්ද , මෙදාපාරත් එන්නේ එතනෝල් කට්ටිය ඇතුළු පරණ ඔළුගෙඩි ටික. ලංකාවේ උගත් බුධිමත් අවංක මනුෂ්‍යයාට තැනක් නැහැ , බොරු මැතිවරණ පොරොන්දු දෙන, කපටි කයිරාටික මිනිස්සු හැමදාම දිනනවා.
ඔක්කොම කොලේ ඉරා ගත්ත අය එන්නේ කුරුණෑගලට.
ආයිත් සැරයක් රැවටුණා වගෙයි නේද?
අර ඉස්සර විශ්ව විද්‍යාලෙට යන්න බලාගෙන කොළඹ ළමුන් හම්බන්තොටින් අපොස සාපෙළ ලියලා, පසුව කොළඹට මාරු වෙලා කොළඹ ටියුෂන් ගිහින් අන්තිමට නැවත හම්බන්තොටින් උසස්පෙළ කරලා අඩු ලකුණු වලින් සමත්වෙලා කැම්පස් යනවා වගේ , වැට උඩ ඉන්න හැමෝම එන්නේ කුරුණෑගලට , චන්දෙ දිනුවොත් කුරුණෑගල පැත්ත පළාතකට එන්නේ නැහැ , දෙන්න එපා මෙ ගොල්ලන්ට මනාපේ
උගත් බුද්ධිමත් අය ලැයිස්තුවට දැම්මොත් ජොන්ස්ටන්ට විතරක් නෙවේ ලොක්කටත් වඩා මනාප ගනියි කියල බයේ එයාලගේ නම් ටික කපල ටිකිරි අධිකාරි වගේ කවදාවත් මහමැතිවරණයක් නොදිනන අයව ලිස්ට් එකට දාලා...