( නිමන්ති රණසිංහ )
වසරකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආහාර හා සමූකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන් හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය 2010 වසර සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දුන්නාය.
තවත් නඩු 04 ක් අධිකරණයේ විභාග වෙමින් පවතී.
2010 වර්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව නිසි බලධාරියා විසින් ඉදිරිපත් නොකර සිටීම වරදක් ලෙස සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
COMMENTS
වරද කාගේද ? නඩු පැවරීමේද ? අදාළ කරුණු හරි හැටි ඉදිරිපත් නොකිරිමේද? කරුණු නොසැලකිල්ලට ගැනිමේද?
මොකක්ද යකෝ මේ රටේ නීතිය. නීතිය බල්ලට ගිහින්, බල්ලෝ නීතිය අතට අරන්.
කොමිසම නඩුවක් හරියට දාගන්න බැරි නම් අනිවාර්යයෙන් අපහසයට නඩු දමා අමතක නොවන වන්දියක් ලබා ගත යුතුයි .මෙ වගේ පීචං වෙන නඩු නොදමා ඉන්න අනාගතයෙදිවත්
මට නම් තේරෙන්නේ නැහැ චෝදනාව ඔප්පු කරන්න බැරි අයි කියලා, හරිනම් චෝදනාවට උත්තර දෙන්න තමයි අමාරු වෙන්න ඕනේ
ආයෙත් පරණ සෙල්ලම් පටන් අරගෙන වගේ. මොකක්ද මේකේ තියෙන ඔප්පු කරන්න අමාරුව? වත්කම් ප්‍රකාශ කරලා නැත්නම් කරලා නෑ.
මේවාට මොනවා කියන්නද. මෙචර සරල නඩුවක් හරියට දමාගන්න බැරි නීතීඥයන් ගෙදර යැවිය යුතුයි. කොමිසම අහෝසිකරන්න. හොරකම් කිරීම වංචා කිරීම නීතිගත කරන්න මෙම තීන්දුව පූර්ව ආදර්ශයකට ගන්න.
මෙයින් පැහැදිලි වන්නේ රට යන අගාදය සහ රටේ අංගවිකලභාවය නොවේද? පුළුවන් හැමෝම මහජනයා දුක් මහන්සියෙන් හම්බකර ගෙවන බදු මුදල් මහා පරිමාණයෙන් හොරකම් කරනවා. නමුත් දඩුවම් විදින්නේ නැහැ. නැවත නැවතත් කියන්න තියෙන්නේ මුදල් වලට ගිජු පුද්ගලයන් ඉන්න තාක්කල් රටම දඩුවම් විදිනවා.
බැරිකමක් නොවෙයි, දේශපාලනයන්ගේ ගනුදෙනුවක ප්‍රතිපල.
අධිකරණය සාධාරණයි මතකනේ දින 52 ආණ්ඩුව ගෙදර යවපු හැටි
අවුරුදු අටක් ගියාද ඔය ටික කියන්න. පළමු වෙනි නඩු වාරයේදී තේරුම් ගන්න බැරි වුනාද? අසරණ පොඩි මිනිහෙක්ව පටලව ගන්න බැරිවුනාද. දුප්පත් කාන්තාවගේ හොරකම් කරපු අඹ ගෙඩි නඩුව එකනම් ලග හිටිය වගේ නඩුකාරයා විසදුවේ ලංකාවේ අධිකරණයේ නඩුවලට දුප්පත් මිනිසුන්ට ඕනෑතරම් සාක්ෂි තියෙනවා. පිළිගන්න අවුරුදු ගණන් පරණ වෙන්න උවමන නැහැ, එතකොට මේ නඩුවේ වැරදිකරු. අල්ලස් දුෂණ කොමිසම පිළිගන්න පුලුවම්ද මේවා.
මේකට තමයි අනුර දිසානායක එදාම කිව්වේ මේගොල්ලන් ඔක්කොම එකම පන්තියේ කට්ටිය කියලා. බලන්න රවි කරුණානායක, විජයකළා, විජේදාස, මාරපණ ඉල්ලා අස්වෙනවා, ආපහු ඇමති වෙනවා.
අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව කොපමණ දුර්වලද කියල මේකෙන් පේනවා. අඩු වශයෙන් අනික් නඩු ටිකවත් හරියට කරන්න.
පොලීසිය හරියට කරුණු ඉදිරිපත් කළාද?
මේවා ගොතන නඩු. මැතිවරණ කාලයෙ කියපු නිසා ඇඟ බේරගන්න දාන නඩු හොඳටම වැටහෙනවා ආණ්ඩුවේ නඩුව බරක් වෙලා කියලා.
මේ පුවත සඳහා පළවී ඇති ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් යම් ප්‍රමාණයක් හෝ යම් සත්‍යක් තේරැම් ගනිමින් සිටින බවක් පෙනෙන්නට ඇත.
ප්‍රතිචාර දෙස බලන විට පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කරවන්නේ නීතියට යටත්ව නොව බලගතු පුද්ගලයන්ට අවශ්‍ය විදියට. දඩුවම් මුකුත් කර ගන්න බැරි අසරණ අයට පමණි
ආයෙත් පරණ සෙල්ලම් පටන් අරගෙන වගේ. මොකක්ද මේකේ තියෙන ඔප්පු කරන්න අමාරුව? වත්කම් ප්‍රකාශ කරලා නැත්නම් කරලා නෑ. දැක්කනේ පාර්ලිමේන්තුවේ හැසිරිච්ච හැටි නීතිය බල්ලට ගිහින්, බල්ලෝ නීතිය අතට අරන්.ජනතිපතිගේ බලපෑමක් වෙන්න ඇති සමහරවිට