
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරුන් අතර මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (15) පෙරවරුවේ ඇතිවිය.
මේ අවස්ථාවේදී දෙදෙනා අතර සභාවට නොගැලපෙන වචන කීපයක්ද හුවමාරු වනු අසන්නට ලැබිණ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දෙදෙනා අතරේ ඇතිවූ බහින්බස්වීම නතර කරවීමට බලවත් පරිශ්‍රමයක් දැරුවේය.
මේ එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් කිරිඇල්ල අතර ඇතිවූ සංවාදයයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල අතර කොටස ඉක්මනින්ම විවෘත කරන්න කියලා ඉල්ලා සිටිනවා. මෙය විවෘත කළ හැකි බව ඉංජිනේරුවරුන් මට කිව්වා.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:
පසුගිය යහපාලන ආණ්ඩුව මේ මාර්ගයේ කිලෝමීටරයකට ලක්ෂ දහදාහක් වැඩියෙන් දුන්නා. අගමුල නැතුව පාර හැදුවෙ. මේවා කරපු අය අද ඉන්න ඕන හිරගෙවල්වල.
(සභාවේ ඝෝෂා)
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :
මම හොර අරක්කු, කසිප්පු පෙරපු කෙනෙක් නොවෙයි.මෙතන පුටු බයිබල් පොළේ ගහපු කෙනෙකුත් නොවෙයි. මගෙන් මේවා අහගන්න එපා.අපි අහන දේවල්වලට උත්තර නැති නිසා මෙතුමා මට මඩගහනවා. මම මෙතන ඇහුවෙ පාර අරින්නෙ කවද්ද කියල විතරයි.
(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසති )
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:
මෙයා නිකන් පොතකට බයිබලය කියනවා. ඔබතුමා නිකන් කාලකණ්ණි වෙන්න එපා. තුට්ටු දෙකේ දේශපාලඥයා.
(සභාවේ යළිත් ඝෝෂා)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
මෙතන බයිබලයක් නැහැ.
COMMENTS
කිරිඇල්ල මහත්තයෝ... අවලස්සන අයගේ කටින් එන්නේ බාල වචනනේ...
කිරිඇල්ල උන්නැහේ... ජොන්සන් කතා කළේ පාර ගැන තමයි. ඔහෙලගේ වියදම ගැන... මේ ගොල්ලෝ වැඩිය වියදම් කරලා නම් ඒ ගැනත් කියන්න...
බමුණු, මට නම් පේන්නේ ඔය ජොනියගේ සහෝදරයෙක්ද කොහෙද? කිරිඇල්ල ඇහුවේ පාර විවෘත කරන දසාව කවද්ද කියලා මිසක් පාර හදන්න ගිය වියදමක් ගැන නොවේ. ජොනියගේ කටේ තියෙන්නේ ඡන්ද වේදිකාවල කියන්න කටපාඩම් කරපු පල්හෑලි සහ කෙප්ප විතරයි.. ඔය පාරවල් හදන තාලෙට රට දියුණු වෙලා නම් අපිට මෙච්චර ආර්ථික අර්බුදයක් එන්න හැටියක් නැහැනේ...
කිරිඇල්ල මැතිතුමා ඔබතුමාට බුදු දහම අදහන කෙනෙක් ලෙසට පළමු මංගල කාරණය අමතක වීම අපිට දුකක්..
අනේ බලන්නකෝ රටේ මහජනතාව වෙනුවෙන්ම සේවය කිරීමට පට්ටියේ මිහරකුන් අං පටලවාගෙන කෑ මරාගන්නේ අහිංසක ජනතාවගේ සුබසිද්ධිය උදෙසාමනේ...