IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


ජිනීවා යෝජනා දෙකකින් රජය ඉවත්වෙයි

( +++ විශේෂ වාර්තාකරුවකු විසිනි)

යහපාලන ආණ්ඩුව 2015 සහ 2016 වසරවල දී ජිනීවා මානව හිමිකම්  කොමිෂන් සභාව සමග එකඟතාවකට එළඹුණු 30 – 1 සහ 40 - 1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) උදෑසන මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පවත්වා ඇත.

ජනාධිපතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රජයේ මැති ඇමැතිවරුන් පිරිසක් ද සහභාගි වූහ.

පවත්නා දේශපාලන වාතාවරණය යටතේ ඉහත කී යෝජනා දෙක ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හා නොගැළපෙන බැවින් එම යෝජනා දෙකෙන් ඉවත්වීමට රජය තීරණය කර ඇත.

යහපාලන ආණ්ඩුව 2015 සහ 2016 වසරවල මෙම යෝජනා දෙක ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කොට ඊට අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.

එහෙත් මෙම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන නොතිබූ බව ඊයේ පැවැති සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත.

මෙම යෝජනා දෙක මගින් පොදුවේ අපේක්ෂා කර ලද්දේ පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අභිබවා යන පුළුල් ලෙස බලය බෙදාහැරීමකි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා ලත් හමුදා සෙබළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනා දෙකට ඇතුළත් වන කාර්යයන් වෙයි.

මෙම හේතු නිසා අදාළ යෝජනා දෙකෙන් රටට යහපතක් නොවන බැවින් ඉන් ඉවත්වීමට රජය තීරණය කර තිබෙන අතර, ලබන සතියේ දී විදේශ සබඳතා අමාත්‍යවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ එම තීරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ද නියමිතය.

එය ඊට පෙර අමාත්‍ය මණ්ඩලයටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (6)

ජිනීවා යෝජනා දෙකකින් රජය ඉවත්වෙයි

sharm warn Tuesday, 18 February 2020 05:11 AM

බොහොම හොදයි. එකසත් ජතින්ගේ මාෆියාවෙන් මිදෙන්නේ නැතුව රටක් ගොඩ ගන්න බැහැ. ඒගොල්ලෝ කරන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන වැඩ.

:       0       0

සේන Tuesday, 18 February 2020 05:58 AM

නිවට පාලකයින් රට බිල්ලට තබා ජාත්‍යන්තරය හමුවේ ජාතියම පාවාදීම කෙසේ, කාට නම් එකඟ විය හැකි දෙයක්ද ? රට මෙයින් ගැළවීම ම ඇති. නැත්නම් ඔවුන් තව මොනවා කරයිද ?

:       0       0

Kamal Koyrala Tuesday, 18 February 2020 07:01 AM

30 – 1 සහ 40 - 1 යන යෝජනා මොනවද?

:       0       0

Karu Tuesday, 18 February 2020 07:41 AM

ජයවේවා. ඉතා හොඳ තීරණයක්

:       0       0

max Tuesday, 18 February 2020 08:11 AM

පිටකොන්දක්, ආත්ම ගරුත්වයක් ඇති ආණ්ඩුවක් සහ ඒ දෙකම නැති ආණ්ඩුවක් අතර වෙනස. සතුටුයි. ඔහොම යමු.

:       0       0

Bamunuarachchi Thursday, 20 February 2020 02:21 AM

මෙන්න කොන්ද පණ ඇති නායකයෝ. නැතුව මානව හිමිකම කියන හැමදේටම එහෙයි කියන්න නිවටයෝ අපිට එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1471 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site