IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජිනිවා යෝජනාව ගැන ලක් රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමපිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචි ෆිෂ්ල්බර්ගර් මහත්මියට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය ජිනීවා නුවරදී හෙට (24) ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් කිරීමට නියමිත අතර ඊට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දක්වන බව ද නිවේදනයක් නිකුත් කරමින් විඳේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන බවත් එනුවර රැඳී සිටින කාලයේදී අමාත්‍යවරයා, මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්විණි.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මේ වනවිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින අතර හෙතෙම ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය දැනුවත් කර ඇත්තේ ඉකුත් සිකුරාදා (21) ය.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් කොළඹ සිටින එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් දැනුවත් කළ බව ද රවිනාථ ආර්යසිංහ මහතා සභාපතිනියට දැනුම් දුන්නේය.

පෙබරවාරි 26 වැනිදා පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡා වටයේදී රජය ගත් තීරණය විධිමත් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයන්ට දැනුම් දෙන බව ද ආර්යසිංහ මහතා එහිදි සභාපතිනියට දැනුම් දුන්නේය.

2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළේය. එම සම අනුග්‍රහාකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා (19) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය. 

055

 



අදහස් (8)

ජිනිවා යෝජනාව ගැන ලක් රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි

Bamunuarachchi Sunday, 23 February 2020 01:52 PM

ලංකාව, සිංහල ජාතිය පාවාදුන් සඟසරණ නොයන ගොබ්බ්යින්ගේ රෙදි ගලවන්න. සිංහල බෞද්ධ ඡන්ද රට පාවා දුන්නු ගොබ්බයින්ට දෙන්න එපා...

:       162       122

ass charyaTuesday, 25 February 2020 04:15 AM

රට ජාතිය ආගම විකුණගෙන කන ගොබ්බයන්ට දුන්නට අවුලක් නැද්ද බමුණා ?

:       0       1

සරදියෙල් Sunday, 23 February 2020 02:51 PM

අධිරාජ්‍යවාදීන්ගේ නූතන ආයුධය මානව හිමිකම් වේ. ලෝකයට විහිලු සපයන මෙම මානව හිමිකම් කවුන්සිලය ඇමරිකාව ප්‍රමුඛ නේටෝ කඳවුරේ වුවමනාවන් ඉටුකරදෙන හිස් පඹයෙකි. ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්තානය සහ යේමනයට පහරදෙනවිට මානව හිමිකම් කිසිවක් කඩවී නැත. ලංකාව ත්‍රස්තවාදීන් පරාජය කිරීම මානව හිමිකම් කඩකිරීමකි. රජයේ මෙම තීරණයත් සමග ඉදිරියේදී එන අභියෝගවලට මුහුණ දියහැක්කේ රටවැසියන් එකමුතුව සිටීමෙනි..

:       144       134

PereraMonday, 24 February 2020 04:06 AM

අපේ රටේ මිනිස්සු කවද්ද එකමුතුව හිටියේ? ජාති බේද, කුල බේද, පන්ති බේද, පක්ෂ බේද බෙදෙන්න පුළුවන් හැම තැනකදීම අපේ මිනිස්සු බෙදිලා. කිසිම එකමුතුවක් නැතිකමින් එකිනෙකා කුලල් කාගනිද්දී අශ්ව වෙළඳාමේ ඉන්දියාවේ ඉඳලා ආපු සේන සහ ගුත්තික කියලා දෙන්නෙක් රටේ රජකමත් අල්ලාගෙන තියෙනවා ඉතිහාසේ ගැන යමක් දන්නවා නම්...

:       0       2

Perera Monday, 24 February 2020 12:29 AM

2015දි සම්බාධක පනවන්න ඔන්න මෙන්න තියා ආණ්ඩුව මාරු වෙලා යන්තම් බේරුනා. දැන් ආපහු ලොකු කම් දාන්න ගිහින් ජාත්‍යන්තර සම්බාධක පනවපු දාට ලංකාවේ මිනිසුන්ට කන්න තියා ලෙවකන්න වත් ලැබෙන එකක් නැහැ.

:       11       60

NuwanMonday, 24 February 2020 07:18 AM

සම්බාධක නොපනවන්න නම් කරන්න කියල කියන ඉල්ලීම් මොනවද කියල දන්නවද ?

:       0       1

denin Monday, 24 February 2020 01:59 AM

සමහරු කියනවා විදුලි පුටුවට යාම වැළකුණේ ඔය ජිනිවා යෝජනා නිසයි කියා. ඒ නිසා හොදින් කල්පනාකර කටයුතු කරන්න.

:       0       2

සමන්ත Monday, 24 February 2020 01:20 PM

වෙන රටක ඉඳලා ලොකු ටෝක් දුන්නට මිනිස්සු මේ රටේ ලෙවකනවා. ලෝකය එක්ක හැප්පෙන්න තියා රාජපක්ෂ සනුහරේ මේ රටේ මිනිස්සු ණය කරලා ගියා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site