(යොහාන් භාසුර)
ලබන ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුව ප්‍රවාහන අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන බව කී ගැමුණු විජේරත්න මහතා රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ද සඳහන් කළේය.
ගැමුණු විජේරත්න මහතා නුගේගොඩදී අද පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
COMMENTS
බස්කාඩ් පත කියන්නේ යල්පැනගිය ක්‍රමයක්... දැන් වෙන රටවල්වල යොදාගන්නේ digital wallet එකකින් QR කෝඩ් එකක් ස්කෑන් කරලා කරන ගෙවීම් ක්‍රමයක්... මෙම යන්ත්‍ර ඉතාමත් අඩු මිලකට දැන් වෙළඳපොලේ විකිණීමට තියෙනවා. මම යන්ත්‍රවලින් කාඩ් එකක් මගින්ද ගෙවීම් කරන්න පුළුවන්...
හරි නම් ආණ්ඩුවෙන් කියන්න ඕනෑදෙයක් මේක... මගියාටත්, බස්හිමියාටත් දෙන්නටම වාසි ලැබෙන මේ යෝජනාව ඇයි අවුරුදු ගාණක් ඇදි ඇදී යන්නේ?