IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනමාධ්‍යවේදීන් 109 දෙනෙකුට ශිෂ්‍යත්ව


 
(නිමල කොඩිතුවක්කු)
 
‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවනාගාරයේදී අද (15) සිදුකෙරිණ.

පුහුණු පාඨමාලා මගින් තම වෘත්තීය කුසලතා වර්ධනය  කර ගැනීමට  ඉඩ ප‍්‍රස්ථා සලසාදීම මෙම ව්‍යාපාතීයේ අරමුණ වන අතර ජනමාධ්‍යවේදීන් 109 දෙනෙකු සඳහා මෙවර ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත‍්‍ර පාඨමාලා, ඩිප්ලොමා, උසස් ඩිප්ලොමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දේ.

‘‘ඇසිදිසි’’ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උපාධි හා පශ්චාත් උපාධි හැදෑරීම සඳහා මෙතෙක් ලබාදෙන ලද රුපියල් ලක්ෂයක මුදල මෙවර රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩිකර තිබීම විශේෂත්වයකි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර,  රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලූවැව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රමනි ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ(මාධ්‍ය) කේ. පී ජයන්ත යන මහත්වරුන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.

ඡායාරූප - ඩික්සන් වසන්ත

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (4)

ජනමාධ්‍යවේදීන් 109 දෙනෙකුට ශිෂ්‍යත්ව

sirimal Friday, 15 March 2019 09:47 AM

මේ කට්ටියවත් එක එක කෂඩ දේශපාලනඥයින්ගේ අතකොලු බවට පත් නොවන, ජනමාධ්‍යයේ ගුණාත්මක භාවය, වගකීමේ බැරෑරුම්කම සහ ස්වාධීනත්වයේ අගය තේරුම් ගෙන මාධ්‍ය ආයතන අයිතිකරුවන්ගේ හා පාලනය කරන්නන්ගේ හොරනෑ බවට පත් නොවී කටයුතු කරමින් රටට වැදගත් සේවයක් කිරීමට හැකි පිරිසක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

:       0       122

senaFriday, 15 March 2019 11:17 AM

වැඩක් නැහැ ඔයා බලාපොරොත්තු වෙන කිසිම දෙයක් මේ අයගෙන් සිද්දවෙන්නේ නැහැ. මොකද මාධ්‍යවේදියා ජීවත්වෙන්නේ ඔහුගේ/ඇයගේ පවුල ජීවත් කරවන්නේ හිමිකරුවාගෙන් ලැබෙන පඩියෙන්... නමුත් පාඨකයන් වශයෙන් අපිට පුළුවන් සංවිධානය වෙලා අහිතකර දේවල් වලින් ඉවත් වෙන්න.

:       0       125

sirimalFriday, 15 March 2019 08:31 PM

ඔබ කියා ඇති අදහස හරියටම හරි. එය එසේම ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරමු. ලෝකයේ මොන තරම් දියුණු ආර්ථික ශක්තියක් ඇති රටවල උනත් මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ ආයතන හිමි කරුවන්ගේ හෝ ඒවායේ සේවය කරන අයගේ මති මනාන්තර වලට අනුකුලව බව රහසක් නොවේ. ඒ අයත් අපගේ මාධ්‍යත් අතර ඇති වෙනස ලෙස මට පෙනෙන්නේ දියුණු රටවල මාධ්‍ය වේදීන් තමන්ගේ මතය හුවා දක්වනවාට වඩා බොහෝ දුරට සත්‍ය ලෙස තමන් සිතන දේ හෙලිකිරීම උත්සාහ කිරීමත් අපගේ මාධ්‍යවේදීන් සත්‍ය කෙසේ වෙතත් තමන් අකමැති පුද්ගලයින් අපහසු තාවයට පත් කිරීමේ අරමුණෙන් බොහෝ දෙනා මඩ ලෙසින් අර්ථ නිරූපනය කරන දේ ප්‍රචාරය කිරීමට උතසාහ කිරීමත් ය. ඒ වගේම අප රටේ සහ දියුණු යැයි කියන රටවල ප්‍රේක්ෂකයින් අතරද ඇත්ත නැත්ත වගේම යමක් කමක් තෝරා බේරා ගෙන වටහා ගැනීමේ හැකියාවේද විශාල පරතරයක් ඇති බවත් කිව යුතුයි.

:       0       39

රොෂාන් Saturday, 16 March 2019 07:16 PM

ඇත්තටම අපේ රටේ ජන මාධ්‍යවේදියෝ ඉන්නවද? අපි නම් දැකලා නැහැ එහෙම අය???

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 552 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site