(බිඟුන් මේනක ගමගේ)
මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් ජනාධිපති අපේක්ෂකයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කරන ජනමාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහීත්වය ලේබල් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමට සිදුවනු ඇතැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
අපක්ෂපාතීව කටයුතු කරන ලෙස සියලුම පෞද්ගලික ජනමාධ්‍ය ආයතන වෙත ලිපි මගින් දන්වා යැවීමට මැතිවරණ කොමිසම තීරණය කළේ යැයි ද දේශප්‍රිය මහතා පැවසීය.
ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනාගේම නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව කී හෙතෙම මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන රාජ්‍ය මාධ්‍ය ආයතන එම නියෝගය උල්ලංගනය කර ඇති බව සැලකීමට සිදුවනු ඇතැයි ද අවධාරණය කළේය.
ඒ අනුව ඔවුන්ට දඩුවම් කළ හැකි බව දන්වමින් ගැසට් නිවේදනයක් මේ සතිය තුළ නිකුත් කරන්නේ යැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු සභාපතිතුමනි මැතිවරණ නීතිය ප්‍රකාර එවැනි ආයතන වලට අධිකරණ ක්‍රියා මාර්ගයක් ගන්න බැරිද?
අපේ නීති පොත් හරිම ලස්සනයි. ලස්සන අකුරෙන් හැඩ වැඩ සහිතව මුද්‍රණය වෙලා තියෙනවා. මට හිතෙන්නෙම ඒවා ලස්සනට රාමු කරලා තියාගන්නමයි. අනික් අයත් කරන්නේ එහෙමමයි කියලත් මට හිතෙනවා.
එතකොට අර හමුදාපති වරුන් යුනිෆෝම් පිටින්ම දැන්වීම් වලට යොදා ගත්ත කට්ටියට කරන දෙයක් නැද්ද?
මැකෝ... පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් අන් අයට ලේබල් ගසන්නේ කෙසේද?